“ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා” ප්‍රවර්ධන වැඩසටහන තුලින් අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලියට පහසුකම් සැලසීමේ අරමුණින් ටැබ් ලබා දීමේ වැඩසටහනක්

    September, 27, 2021

    "ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් ටැබ් වාසනා" පාරිභෝගික ප්‍රවර්ධන වැඩසටහන ප්‍රමුඛ පෙළේ මුඛ සත්කාර සන්නාමයක් වන ක්ලෝගාඩ් විසින් 2021 සැප්තැම්බර් මස 01 වන දින සිට නොවැම්බර් මස 30 දක්වා ක්‍රියාත්මක කෙරේ. මෙම ප්‍රවර්ධන වැඩසටහන තුළින් සහභාගිවන්නන්ට තම අන්තර්ජාල ඉගෙනුම් ක්‍රියාවලිය යථාර්තයක් බවට පත් කර ගැනීම සඳහා නවතම ටැබ් දිනා ගැනීමට අවස්ථාව උදා වේ.

    කොවිඩ් - 19 තත්වය ඇති වූ දා සිට, සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ සිය ඉගෙනීමේ කටයුතු පැවැත්වීම වඩාත්ම පහසු සහ ප්‍රායෝගික අධ්‍යාපන ක්‍රමයයි. පරිගණක සහ ටැබ් වැනි සම්පත් හිඟකම සිසුන්ට තම නිවෙස් වල සිට අන්තර්ජාලය ඔස්සේ සිය ඉගෙනීම අඛණ්ඩව කරගෙන යාමට විශාල බාධාවක් වී තිබේ.

    නව ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් 120g (ටැබ් වාසනා ප්‍රවර්ධන පැකේජය) දන්තාලේප ඇසුරුම මිලදී ගන්නා පාරිභෝගිකයින්ට නවතම ටැබ් එකක් දිනා ගැනීමේ අවස්ථාව උදා කර ගත හැකිය. මෙම ඇසුරුම දිවයින පුරා පවතින වෙළඳසැල් වලින් ලබා ගත හැකිය. සෑම ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් 120g (ටැබ් වාසනා ප්‍රවර්ධන පැකේජය) දන්තාලේප ඇසුරුමකම ඇතුලත සංකේත 6කින් යුතු රහස් අංකයක් මුද්‍රණය කර තිබේ. තම හෝ තම භාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය සමඟ රහස් අංකය TAB <හිස්තැනක්> XXXXXX <හිස්තැනක්> ජාතික හැඳුනුම්පත් අංකය ලෙස 8866 ට කෙටි පණිවුඩයක් මඟින් යොමු කරන මෙන් ක්ලෝගාර්ඩ්, පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී. ඔක්තෝබර් 1 වන දා සිට නොවැම්බර් 30 දක්වා ජයග්‍රාහකයින් තෝරා ගනු ලැබේ.

    නව ප්‍රවර්ධනය පිළිබඳව අදහස් දක්වමින් ක්ලෝගාඩ් හි ජේෂ්ඨ සන්නාම කළමනාකාරිනී රමිලා ප්‍රනාන්දු මහත්මිය මෙසේ අදහස් දැක්විය “අන්තර්ජාලය තුලින් අධ්‍යාපනය මේ වන විට අධ්‍යාපනයේ අනිවාර්ය අංගයක් වී තිබෙනවා. නමුත් සෑම සිසුවෙකුටම පරිගණක සහ ටැබ්ලට් පරිගණක සඳහා ප්‍රවේශයක් නැහැ. විශේෂයෙන් රටේ ග්‍රාමීය ප්‍රදේශවල සිටින සිසුන්ට මෙම අන්තර්ජාලය මගින් ඉගෙනීමට මාරුවීමත් සමඟ බොහෝ අභියෝගයන්ට මුහුණ දීමට සිදු වී තිබෙනවා. සැබැවින්ම ශ්‍රී ලාංකික සන්නාමයක් වශයෙන් ක්ලෝගාඩ් හට අවශ්‍ය මෙම අඛණ්ඩ විද්‍යුත් ඉගෙනුම් කාලය තුළ මෙම සිසුන්ට සහයෝගය දැක්වීමයි. ටැබ් වාසනා වැඩසටහන මෙම දරුවන්ගේ ක්‍ෂණික අධ්‍යාපන අවශ්‍යතා සඳහා උපකාරී වනවා පමණක් නොව, වැඩි වැඩියෙන් ඩිජිටල් ලෝකය තුළ ඔවුන්ට අවශ්‍ය තාක්‍ෂණය හා දැනුම ලබා ගැනීමට ද උපකාරී වේ.

    ක්ලෝගාඩ් නැචුරල් සෝල්ට් යනු ක්ලෝගාර්ඩ් හි අලුතින් දියත් කරන ලද දන්තාලේප ප්‍රභේදයක් වන අතර එය විදුරුමස් ආරක්ෂා කිරීමට සහ දත් ශක්තිමත් කිරීමට ස්වාභාවික ලුණු වලට ඇති බලය විදහා පායි. දත් රෝග වැළැක්වීමේ ස්වාභාවික විෂබීජ නාශක ගුණය නිසා ලුණු මුඛ සේදීම සඳහා පරම්පරා ගණනාවක සිටම භාවිතා කර ඇත.

    1992 දී ක්ලෝගාඩ් හඳුන්වා දීමෙන් පසුව මුළු පවුලම දත් කුහර වලින් ආරක්ෂා කරන ශ්‍රී ලාංකික නිවෙස්වල මුඛ සෞඛ්‍ය සත්කාර සියල්ල එක තැනකට කැටි කොටගත් හොඳම විසඳුම බවට පත්ව ඇත. ක්ලෝගාඩ්හි නව ස්වාභාවික ලුණු ප්‍රභේදය ක්‍රියාකාරී සින්ක් සහ ෆ්ලෝරයිඩ් වලින් සමන්විත වන අතර සෞඛ්‍ය සම්පන්න විදුරුමස් සහ දත් වලට උරුමකම් ලබා දෙන අතර විෂබීජ වලට එරෙහිව සටන් කර යහපත් මුඛ සෞඛ්‍යයක් තහවුරු කරයි.