ක්‍රිස්බ්‍රෝ හරිත සත්කාර සමාජ වගකීම් ප්‍රවේශය තුළින් සෑම නව බඳවා ගැනීමක් වෙනුවෙන්ම පැළයක් රෝපණය කෙරේ

    September, 9, 2021

    ශ්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමූහය විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් ප්‍රවේශයන් අතර වන ක්‍රිස්බ්‍රෝ ‘හරිත සත්කාරය’ පාරිසරික වැඩසටහන යටතේ ක්‍රිස්බ්‍රෝ සමූහයට අලුතින් බඳවා ගන්නා සෑම සේවක සේවිකාවක් සඳහාම ඔහු හෝ ඇය සේවයට වාර්තා කරන පළමු දිනයේම පැළයක් රෝපණය කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇත. ක්‍රිස්බ්‍රෝ හරිත සත්කාර ආයතනික සමාජ ප්‍රවේශයේ දිගුවක් ලෙස ක්‍රියාත්මක මෙම නව වැඩපිලිවෙළ යටතේ ක්‍රිස්බ්‍රෝ සමූහයට අයත් ව්‍යාපාරික මධ්‍යස්ථාන 17 වෙත අළුතින් බඳවා ගන්නා සියලු සේවක සේවිකාවන් මෙම වැඩසටහනට එක් කර ගැනේ. මේ සඳහා අවශ්‍ය පැළ ක්‍රිස්බ්‍රෝ මානව සම්පත් අංශය මගින් සැපයේ.

    ක්‍රිස්බ්‍රෝ හි සමූහ මානව සම්පත් සහ පරිපාලන කළමනාකාර රංජන මහින්දසිරි මහතා “ශ්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම ලෙස ක්‍රිස්බ්‍රෝ සිය නිෂ්පාදන ක්‍රියාවලිය ISO 9001:14000 ජාත්‍යන්තර තත්වය සහතිකයට අනුව තිරසාර පරිසරික භාවිතයක් තුළ සිදු කිරීමට හැකි වූ බැවින් කාබන් විමෝචනය අවම මට්ටමක පවත්වා ගනිමින් ක්‍රිස්බ්‍රෝ සමූහයට අයත් ව්‍යාපාරික මධ්‍යස්ථාන 17 පුරාවටම දැඩි පාරිසරික සුරක්ෂණ පිලිවෙතක් පවත්වාගෙන යෑමට සමත් වී සිටිනවා. එමෙන්ම මෙම නව වැඩපිළිවෙළ හරහා ආයතනයට බඳවා ගන්නා සෑම සේවක සේවිකාවකටම ආරම්භයේ සිටම ආයතනය විසින් පවත්වාගෙන යනු ලබන දැඩි පරිසර සුරක්ෂණ ක්‍රමවේදයන් සඳහා සෘජු දායකත්වයක් දැක්වීමට අවස්ථාව සැලසෙනවා. ක්‍රිස්බ්‍රෝ සමූහයේ දැක්මට අනුව සාධනය කළ යුතු මූලික ඉලක්කයන් වන පාරිසරික තිරසාර බව, ප්‍රජා සෞඛ්‍ය, සමාජ ආර්ථික සාධාරණත්වය සහ ආර්ථික ලාභදායීත්වය යන අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ක්‍රිස්බ්‍රෝ සමාගම සෑම වසරකදීම වැඩසටහන් රැසක් ලංකාවේ විවිධ පළාත් කේන්ද්‍ර ගත කරගනිමින් ක්‍රියාවේ යොදවනවා. අපගේ ප්‍රමුඛතම නිෂ්පාදනය වන නැවුම් කුකුළු මස් නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා සරු පසක්, ජීවයෙන් පිරුණු ශාක පද්ධතියක්, පිරිසිදු ජල ප්‍රභවයන් අවශ්‍ය වෙනවා. සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පුරාම පරිසරයට සිදුවන හානිය ඉතාම අවම මට්ටමක පවත්වාගෙන යා හැකි තාක්ෂණයක් ක්‍රිස්බ්‍රෝ සතු වීම පසුගිය 50 වසර තුළ අප ලද විශිෂ්ට ජයග්‍රහනයක් ලෙස පෙන්වා දිය හැකියි” යනුවෙන් පැවසීය.

    පාරිසරික දත්තයන්ට අනුව 1990 සිට 2011 වන විට මෙරට කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 43% කින් පමණ වර්ධනය වී ඇත. මෙම තත්වය අවබෝධ කර ගෙන සිටින ක්‍රිස්බ්‍රෝ සමාගම සිය තිරසාර ව්‍යාපාර දැක්ම ශක්තිමත් කරමින් සමාගමේ හරිත සත්කාරය වැඩසටහන ඔස්සේ තෝරා ගත් පාරිසරික සංවේදී කලාපයන්වල අලුතින් පැළ 3500කට අධික සංඛ්‍යාවක් මේ වන විට රෝපණය කර ඇත.

    එමෙන්ම කුකුළු මස් නිෂ්පාදන ජාලයෙහි කිසිදු අපද්‍රව්‍යක් පරිසරයට මුදා නොහැරීමේ ප්‍රතිපත්තිය ^zero-wastage policy& පිළිපැදීම මගින් සියලු ක්‍රියාවලීන් සෑමවිටම පරිසර හිතකාමී ලෙස පවත්වාගෙන යාමට ක්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරය කටයුතු කර ඇත.

    වෙළෙඳපොල ප්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට අතිනවීන යන්ත්‍ර සුත්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව ^vertically-integrated&  තම නිෂ්පාදන ක්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK& යන සංකල්පය ක්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ්‍රී ලාංකිකයන්ටම ප්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක්‍රාකාරව රැකියා සපයමින් ශ්‍රී ලාංකික රැකියා ක්ෂේත්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප්‍රතිලාභ උදා කර දී ඇත.