කැලණි කේබල්ස් සමාගම ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය අඛණ්ඩව දෙවනවරටත් දිනා ගනී

    August, 24, 2016

    ශී‍්‍ර ලංකාවේ අංක 1 ආරක්ෂිත විදුලි රැුහන් වෙළඳනාමයවන කැළණි කේබල්ස් PLC සමාගම සිංගප්පූරුවේ පැවැති 7වන ASIA BEST EMPLOYER BRAND AWARD- 2016 සම්මාන උළේලේදී එහි ප‍්‍රමුඛතම සම්මානයවන ‘විශිෂ්ටතම සේවායෝජකයා සම්මානය’ අඛණ්ඩව දෙවනවරටත් පසුගියදා දිනාගත්තේය. එම ‘විශිෂ්ටතම සේවායෝජකයා සම්මානය’ ශී‍්‍ර ලංකාවේ මහා පරිමාන නිෂ්පාදන සමාගමක් පළමුවරට හිමි කරගත්තේ කැලණි කේබල්ස් සමාගමය. සිංගප්පූරුවේ පෑන් පැසිෆික් හෝටලයේදී පැවැත්වුණු ‘ආසියාවේ විශිෂ්ටතම සේවායෝජකයා සම්මාන’ උළෙල එරට පිහිටි සේවායෝජක සම්මාන ආයතනය, ජගත් මානව සම්පත් සංවර්ධන කොංග‍්‍රසය හා කර්මාන්ත සමූහ සඳහා වන පිරිස් ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරන්නකි.

    ආසියානු ආර්ථිකයට උරදෙන ආයතන වෙත පිරිනැමෙන විවිධ සම්මාන අතුරෙන් වඩාත්ම පිළිගත් සම්මානයවන ‘ආසියාවේ විශිෂ්ටතම සේවායෝජකයා සම්මානය’ සඳහා සුදුස්සන් තෝරාගැනීමේ කි‍්‍රයාවලිය සිදු කරන්නේ ලොව පිළිගත් හා පළපුරුදු වෘත්තිකයන් කණ්ඩායමක විසිනි. එමෙන්ම විවිධ ආයතන සම්බන්ධයෙන් සිදු කෙරෙන අපක්ෂපාතී පර්යේෂණ හා අයඳුම්කිරීමෙන් මෙම සම්මාන ප‍්‍රදානයට එක් විය හැකි අතර, කැලණි කේබල්ස් සමාගම මෙම විශිෂ්ට සම්මානයට හිමිකම් කීවේ අයඳුම්කිරීමකින් නොව ස්වාධීන වෘත්තිකයන් කණ්ඩායමයක් විසින් සිදු කළ පර්යේෂණ තුළින් වීම විශේෂත්වයකි. සේවා ආයතනවල නව්‍ය සොයාගැනීම් හා දායකත්වය ලබාදීමේ පසුබිමක් නිර්මාණය කිරීම, මානව සම්පත් පරිපාටිය, මානව සම්පත් ප‍්‍රතිපත්ති හා උපාය මාර්ග, සමාජ සත්කාරක සේවායෝජකයෙකු වීම හා අනාගත නායකත්වය වර්ධනය කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් මෙම සම්මාන උළෙලේ සුදුස්සන් තේරීමේදී වැඩි අවධානයක් යොමු කෙරුණි. ඒ සඳහා ඉවහල් කරගන්නේ ආසියාවේ විවිධ රටවල ආයතන මූලික දත්ත සම්බන්ධයෙන් ස්වාධීන පර්යේෂකයන් විසින් සිදු කළ අධ්‍යයනයන්ය.

    ආසියානු ජ්‍යේෂ්ඨ ආයතන 150ක ප‍්‍රධානීන් 300කට වැඩි පිරිසක් මධ්‍යයේ කැලණි කේබල්ස් සමාගම දිනාගත් ‘ආසියාවේ විශිෂ්ටතම සේවායෝජකයා සම්මානය’ එම සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා වෙත පිරි නැමුණු අතර එම සුවිශේෂී අවස්ථාවට කැලණි කේබල්ස් සමාගමේ මානව සම්පත් කළමනාකරු, ගිහාන් විදානගම මහතාද සහභාගී විය. එමෙන්ම මෙම සම්මාන උළෙලට සමගාමීව ‘What Great Employer Brands Really Do’ මැයෙන් පැවැති සාකච්ජා මණ්ඩපයට සහභාගීවීමේ අවස්ථාව කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතාට හිමිවීම විශේෂත්වයක්වන අතර, ‘සේවකයන් 484ක්, හදවත් 484ක් නමුත් එක හද ගැස්මක්’ යන සමාගමේ මානව සම්පත් කි‍්‍රයාවලිය පිළිබඳ කෙටි හැඳින්වීමක් සරණපාල මහතා එහිදී සිදු කෙරුණි.

    කැළණි කේබල්ස් සමාගම දෙවනවරටත් හිමිකරගත් මෙම සුවිශේෂී විජයග‍්‍රහණය පිළිබඳව අදහස් දැක්වූ කැලණි කේබල්ස් සමාගමේ අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී, මහින්ද සරණපාල මහතා පැවසුවේ, ‘මෙම විශිෂ්ට සම්මානය දිනාගත් ශී‍්‍ර ලංකාවේ පළමු හා එකම මහා පරිමාන නිෂ්පාදන සමාගම වන්නේ අපයි. මෙරට අංක 1 ආරක්ෂිත විදුලි හා සන්නිවේදන රැුහැන් සමාගම ලෙසින් අප පවත්වාගෙන යන මානව සම්පත් කි‍්‍රයාවලිය හා ප‍්‍රතිපත්තිය මෙළෙසින් ඇගයීමට ලක්වීම ප‍්‍රමිතියෙන් උසස් නිෂ්පාදන මෙරට පාරිභෝගිකයාට පිරිනැමීමට සේවක අත්වැල් බැදගැනීම කෙතරම් ප‍්‍රබලදැයි සනාථ වූවා. එමෙන්ම මෙම වසරේදී ශී‍්‍ර ලංකාවේ පැවැති ජාතික මානව සම්පත් විශිෂ්ටත්ව සම්මාන උළෙලේදීද සම්මානයට පාත‍්‍රවීමෙන් අප සමාගම මෙරට රැුකියාවෙහි යෙඳීමට කෙතරම් යහපත් පරිසරයක් නිර්මාණය කර ඇත්දැයි පැහැදිලි කරන්නක් වූවා.’ යන්නය.

    කැළණි කේබල්ස් වසර 47ක් පුරා ශී‍්‍ර ලාංකේය විදුලි සම්පේ‍්‍රෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදනයේ අත්දැකීමෙන් පිරි 100% දේශීය සමාගමකි. SLIM Brand Excellence -2012 සම්මාන උළෙලේ දී විශිෂ්ටතම ව්‍යාපාරික වෙළ`දනාමයට හිමිවන ලෝකඩ සම්මානය හිමිකරගත් කැළණි කේබල්ස් සමාගම, SLIM Brand Excellence -2013 සම්මාන උළෙලේ දී එම අංශයේ රන් සම්මානය හිමි කරගැනීමට සමත් විය. එමෙන්ම නිෂ්පාදන කි‍්‍රයාවලි විශිෂ්ටත්වය වෙනුවෙන් පිරි නැමෙන ISO 9001: 2008 තත්ත්ව සහතිකය, කර්මාන්ත විශිෂ්ටත්ව රන් සම්මානයෙන්, ජාතික තත්ත්ව සම්මානයෙන් හා ටයිකි අකිමොටෝ 5S රන් සම්මානයෙන් පිදුම් ලබා තිබේ. තවද ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරික සමාගම් තම සේවක පුහුනුව හා සංවර්ධනය වෙනුවෙන් සැපයෙන දායකත්වය වෙනුවෙන් පිරිනමන SLITAD People Development – 2013 සම්මාන උළෙලේදී රන් සම්මානයෙන් පිඳුම් ලැබීය. විදුලි සම්පේ‍්‍රෂණ හා සන්නිවේදන වයර් නිෂ්පාදන ක්ෂේත‍්‍රයේ දැක් වූ වෘත්තීයමය විශිෂ්ටත්වය වෙනුවෙන් කැළණි කේබල්ස් 2008 දී ‘සුපර් බ‍්‍රෑන්ඞ්’ තත්ත්වය හිමි කරගැනීමට ද සමත් විය. එමෙන්ම පසුගිය 2015 වසරේ ආසියාවේ විශිෂ්ටතම සේවායෝජක සන්නාම සම්මානය, තිරසාර සංවර්ධනය වෙනුවෙන් පිරි නැමෙන National Green Award සම්මානය SLIM Brand Excellence සම්මාන උළෙලේදී B2B Brand අංශයේ විශිෂ්ටත්වය හා විශිෂ්ටතම ආයතනික සමාජ සත්කාරක වෙළෙඳනාමය ලෙසින් රීදී සම්මාන දිනාගැනීමටද කැලණි කේබල්ස් සමාගම සමත් විය.