April, 24, 2026
ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රියම ප්‍රවාහන සේවා යෙදවුම (app) වන Uber, සිය සේවාවන් කෑගල්ල නගරය දක්වා ව්‍යාප්ත කරන බව අද දින නිවේදනය කළේය. මේ හරහා කෑගල්ල නගරවාසීන්ට මෙන්ම එහි පැමිණෙන සංචාරකයින්ට වඩාත් පහසු, විශ්වසනීය සහ සහනදායී ප්‍රවාහන සේවාවක් අත්විඳීමට අවස්ථාව සැලසේ.
මෙම නව ව්‍යාප්තියත් සමඟ, කෑගල්ලේ මගීන්ට දැන් තම එදිනෙදා ගමන් බිමන්, රැකියා කටයුතු හෝ වෙනත් අවශ්‍යතා සඳහා මෝටර් රථ, ත්‍රිරෝද රථ සහ යතුරුපැදි ඉතා කෙටි වේලාවකින් Uber යෙදවුම හරහා වෙන්කරවා ගත හැකිය.
කොළඹ-මහනුවර ප්‍රධාන මාර්ගයේ පිහිටා ඇති උපායමාර්ගික වැදගත්කමකින් යුත් නගරයක් වීමත්, පින්නවල අලි අනාථාගාරය වැනි ප්රමුඛ සංචාරක ආකර්ෂණයන්ගෙන් සමන්විත වීමත් හේතුවෙන් කෑගල්ල යනු දෙස් විදෙස් සංචාරකයින් නිරන්තරයෙන් ගැවසෙන ප්රදේශයකි. Uber සේවාව හඳුන්වා දීමත් සමඟ, නගරය තුළ සහ අවට නගර වෙත ගමන් කිරීමේදී පෙර දැනුම් දෙන ගාස්තු (upfront pricing) යටතේ වඩාත් විනිවිදභාවයකින් සහ පහසුවකින් යුතුව ප්‍රවාහන පහසුකම් ලබා ගැනීමට මගීන්ට හැකි වේ.
මීට අමතරව, මෙම ව්‍යාප්තිය හරහා දේශීය රියදුරු සහකරුවන්ට පුළුල් පාරිභෝගික පදනමක් හා සම්බන්ධ වෙමින් නම්‍යශීලී ආදායම් මාර්ග උදාකර ගැනීමට අවස්ථාව උදාවේ.
මෙම දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් Uber ශ්‍රී ලංකා ආයතනයේ මෙහෙයුම් ප්‍රධානී (Country Manager - Mobility) කෞශල්‍ය ගුණරත්න මහත්මිය මෙසේ පැවසුවාය:
"ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාර්ග ජාලය සම්බන්ධ කිරීමේදී කෑගල්ල නගරය ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. ඒ නිසාම මෙම ප්‍රදේශයට විශ්වසනීය සහ ප්‍රවේශ විය හැකි ප්‍රවාහන සේවාවක අවශ්‍යතාව පවතිනවා. Uber සේවාව හඳුන්වා දීමෙන් අප බලාපොරොත්තු වන්නේ නවීන තාක්ෂණය මුසු වූ උසස් ප්‍රවාහන අත්දැකීමක් මගීන්ට ලබා දෙන අතරම, දේශීය රියදුරු සහකරුවන්ට නව ආදායම් අවස්ථා උදා කර දීමයි. වැඩි ප්රජාවකට අපගේ සේවාවන් සමීප කිරීමේ අඛණ්ඩ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙස මෙය හැඳින්විය හැකියි".
Uber හරහා සිදුකරන සෑම ගමනකදීම මගීන්ගේ සහ රියදුරන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගෙන ඇත. ඒ යටතේ:
කෑගල්ල දක්වා Uber සේවාව ව්‍යාප්ත කිරීම, ශ්‍රී ලංකාව පුරා සිය මෙහෙයුම් පුළුල් කිරීමට එම සමාගම ගෙන යන වැඩපිළිවෙළේ තවත් සාර්ථක ඉදිරි පියවරකි. ඒ හරහා දිවයිනේ වැඩි නගර සහ ගම්මාන ප්‍රමාණයකට විශ්වසනීය සහ තාක්ෂණිකව දියුණු ප්‍රවාහන සේවාවන් සමීප කිරීමට Uber අඛණ්ඩව කටයුතු කරයි.
Video Story