කිරිපිටි ආනයන වියදම ක්‍රමයෙන් පහළට

    February, 10, 2021

    ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන කිරිපිටි වෙනුවෙන් දරනු ලබන පිරිවැය පසුගිය වසර කිහිපය පුරාවට ක්‍රමයෙන් පහළ ගොස් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ බව අද (10) දින පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

    ඒ් අනුව කිරිපිටි ආනයනය වෙනුවෙන් 2019 දී ඇමරිකානු ඩොලර් මිලියන 0.7ක පිරිවැයක් දරා ඇති අතර ඒය 2020 වසරේ දී ඩොලර් මිලියන 0.6 ක් දක්වා අඩු වී තිබේ. මෙය රුපියල් අගය අනුව 2019 දී රු. මිලියන 127 ක් සහ 2020 දී රු. මිලියන 117 ක් වශයෙන් වේ.

    මේ අතර අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ ආකාරයට මෙරටට ආනයනය කර තිබෙන කිරිපිටි ප්‍රමාණය 2018 වසරේ දී කි.ග්‍රෑ. මිලියන 98 ක්, 2019 දී කි.ග්‍රෑ. මිලියන 93 ක් හා 2020 දී කි.ග්‍රෑ. මිලියන 96 ක් පරිදි වේ.

    "ශ්‍රී ලංකාවේ වාර්ෂික දියර කිරි ඉල්ලුමෙන් සියයට 40 ක් පමණ දේශීය නිෂ්පාදනය කරනු ලබන අතර ඉතිරි ප්‍රමාණය කිරිපිටි ලෙසින් විදේශයන්ගෙන් ආනයනය කරනවා. අපේ රටේ දියර කිරි නිෂ්පාදනය කරන ලියාපදිංචිි කිරි ගොවිපළවල් සංඛ්‍යාව ලක්ෂ 3කට වැඩි ප්‍රමාණයක් තිබෙනවා. ඒයින් මිල්කෝ, නෙස්ලේ සහ කාගිල්ස් යන ආයතන විසින් කිරි එකතු කරනු ලබනවා. ඒසේම තවත් සුුළු හා මධ්‍යම පරිමාණ කිරි සැකසුම්කරුවන් විශාල සංඛ්‍යාවක් දියර කිරි ඒකතු කරනු ලබනවා. අප රටේ ප්‍රධාන වශයෙන් මිල්කෝ, පැලවත්ත සහ නෙස්ලේ යන ආයතන ලංකාව තුළ කිරිපිටි නිෂ්පාදනයේ යෙදී සිටිනවා. ආනයනය ප්‍රධාන වශයෙන් නවසීලන්තය, ඔස්ට්‍රේලියාව මුල්කරගනිමින් සිදුවන අතර ඊට අමතරව ඩෙන්මාර්ක්, නෙදර්ලන්තය සහ ඉන්දියාව වැනි විවිධ රටවලින් සිදුවෙනවා", යනුවෙන් අග්‍රාමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.