කීර්තිමත් පිබිදීම හා තම ශක්තිසම්පන්නභාවය පිළිබිඹු කරමින් JAT නව වෙළඳනාමකරණයකට

    May, 21, 2016

    නව ආයතනික ලාංඡනය තුළින් කලාපීය ව්‍යාපාර පුළුල් කරමින් ආයතනික වර්ධනයේ නව යුගයක් කරා ප‍්‍රවේශ වෙයි.

    JAT හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය දා ශී‍්‍ර ලංකාව තුල, තම වෙළඳපොල නායකත්‍වය තවත් තහවුරු කරමින් නව ආයතනික සන්නාමයක් සහ අනන්‍යතාවය නිවේදනය කරනු ලැබීය. මෙම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමෙන්, නව වෙළඳපොළ ආකර්ශණය කරගැනීම සහ ජාත්‍යන්තර නියෝජනය වැඩිදියුණු කිරීමෙන් සමාගමේ දිගුකාලීන ව්‍යාපාර ඉලක්ක සපුරා ගැනීම ප‍්‍රධාන අරමුණ වී ඇත.

    මෙම නව වෙළඳනාමකරණය තුළින් JAT මෙතෙක් ඉතා සාර්ථක ලෙස ගොඩනැගූ තීන්ත හා ආලේපන ක්ෂේත‍්‍රයෙන් තවත් ඔබ්බට ගොස් සාමාන්‍ය පාරිභෝගිකයන්ට මෙන්ම ආයතන සඳහා ගෘහ නිර්මාණකරණයට හා අලංකරණයට අවශ්‍ය ඕනෑම නිශ්පාදනයක් හා සේවාවක් සපුරාලීමෙන් අවකාශ සඳහා නව මුහුණුවරක් ලබාදීමට සූදානම් වී ඇත. මේ කි‍්‍රයාදාමයේදී ජැට් සමාගම නියෝජනය කරන ව්‍යාපාර ක්ෂේත‍්‍ර මනාව නියෝජනය වන පරිදි එකිනෙකට ඒකාබද්ධ වූ නිෂ්පාදන සහ සේවා පෙළගන්වා ඇත.

    මෙම පුළුල් සේවාවන් අතර “JAT - ලිවින්ග්” (JAT Living) නම් පුළුල් පරාසයකින් යුත් ව්‍යාපාරික ක‍්‍රියාවලි කළමණාකරණය, සැළසුම් කිරීම්, ඉංජිනේරු හා ඉදිකිරීම් සැළසුම් සම්බන්ධ කි‍්‍රයා හා විසඳුම් යන කි‍්‍රයාවලීන් ආවරණය කරන අතර “JAT - ෆර්නිශින්” (JAT Furnishing) යටතේ නවීන මාදිලියේ මුළුතැන්ගෙවල්, නිවාස හා ආයතනික ගෘහභාණ්ඩ නිශ්පාදනයන් හා උපාංගද ජැට් තීන්තාලේපන (JAT PAINTS) යටතේ දැව ආලේපන, තීන්ත, පින්තාරු බුරුසු, පොටි, ප්ලාස්ටර්, වැලි කඩදාසි, සිවිලිම් සහ බිම් ඇතිරුම් ඇතුළු සියළුම තීන්ත ආලේපන හා ඊට අදාළ උපකරණ අයත් වේ.

    JAT හෝල්ඩින්ග්ස් හි කළමණාකාර අධ්‍යක්‍ෂ ඊලියන් ගුණවර්ධන මහතා තම නව වෙළඳනාමකරණය ගැන අදහස් දක්වමින් කියා සිටියේ, ”අපගේ නව වෙළඳනාමකරණය තුළින් 23 වසරක වෙළඳපොල නායකත්‍වය සහ විශිෂ්ඨ කර්මාන්ත අත්දැකීම් සමඟ අප පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා අද්විතීය ලෙස හා විශ්වාසනීය ලෙස ඉටුකර දීමේ හැකියා පරාසය ඉතා හොඳින් පිළිඹිබු කරනවා. අපගේ ඉලක්කය වන්නේ උසස් ප‍්‍රමිතියකින් යුත් JAT සන්නාමය නව වෙළඳපොළ තුළ ඇති, ගොඩනැගිලි, ගෘහභාණ්ඩ හා තීන්ත යන ක්ෂේත‍්‍රයන්හි වෙළඳපොල අවකාශය පිරවීම සඳහා පුළුල් නිෂ්පාදන පෙළක් පාරිභෝගිකයාට ලබාදීමයි.

    විශිෂ්ඨත්වයේ සළකුණ වන “A+” සළකුණින් සමන්විත JAT, නව ලාංඡනය මඟින් තම ආයතනයේ ඇති විශිෂ්ඨත්වය හා කීර්තිය මනාවට සංකේතවත් වේ. මෙහි තේමා පාඨය වන “අවකාශ ප‍්‍රතිනිර්මාණය” යන්නෙන් හුවා දක්වන්නේ JAT තම පාරිභෝගිකයන්ගේ ජීවිත සාරවත් කිරීමට හා තෘප්තිමත් කිරීමට කාර්යක්‍ෂමතාවයෙන් හා ඵලදායිතාවයෙන් යුත් නිෂ්පාදනයන්ගෙන් පිරිපුන් සන්නාමයක් බවට පත්වන බවයි.”

    තවදුරටත් අදහස් දක්වමින් ගුණවර්ධන මහතා කියා සිටියේ නව්‍ය දැව ආලේපන මඟින්, ගෘහ භාණ්ඩ හා උපාංග සඳහා තීන්ත ආලේපන මඟින්, ප‍්‍රමාණවත් ඉඩ ප‍්‍රමාණයන්ගෙන් යුත් ඉදිකිරීම් තුළින් JAT තම පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවය අනුව ජීවත්විය හැකි අලංකාර පරිසරයක් නිර්මාණය කරදීමට සූදානම්ව සිටින බවයි.

    JAT සන්නාමය නව අලෙවිකරණ ප‍්‍රවේශයක් තුළ ශී‍්‍ර ලංකාව, ඉන්දියාව, පකිස්ථානය හා බංග්ලාදේශය තුළ ඉතා ශක්තිමත් ලෙස තම ව්‍යාපාර කටයුතු කරගෙන යයි. පාරිභෝගිකයන් හට පහසු ප‍්‍රවේශයක් සඳහා JAT තම ආයතනයේ ඉඩපහසුකම් වැඩිකරමින් විශේෂාකාර ආයතන සංකීර්ණයක් ලෙස ඉදිකර ඇත. ආකර්ශණීය නිෂ්පාදන හා සේවා සපයන JAT, ශී‍්‍ර ලංකාව තුළ මෙන්ම තම විදේශීය ව්‍යාපාරයන් තුළින්ද ලබන අත්දැකීම් තුළින් සාර්ථක ලෙස ස්ථානගත වී ඇත.

    1993දී ඇරඹි JAT හෝල්ඩින්ග්ස් සමාගම පසුගිය වසර 12 තුළ SAYERLACK, CROWN PAINTS, PERMOGLAZE, NORTON, ARMSTRONG, HERMAN MILLER සහ ALNO යන ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර නිශ්පාදනයන්ගෙන් තම ව්‍යාපාර ආයෝජනයන් දියත් කරන ලදී.

    2000 වසරේදී දැව ආලේපන ක්ෂේත‍්‍රයේ පෙරළියක් ඇති කරමින් වෝටර් බේස් නිෂ්පාදන වෙළඳපොලට හඳුන්වා දෙමින් ඔවුන් ශී‍්‍ර ලාංකාව ඇතුළු දකුණු ආසියාව තුළ 75% වෙළඳපොල කොටස් ආධිපත්‍යයක් හිමිකර ගැනීමට සමත් විය. 2014/15 වර්ෂය සඳහා 18% ක ආදායම් වර්ධනයක් හා 38% ක ශුද්ධ ලාභයක් හිමිකර ගත් JAT, තම නව වෙළඳනාමකරණය තුළින් පෙර නොවූ විරූ අවස්ථා රැසක් වෙත ළඟා වන බව ආයතන දැක්ම තුළින් සනාථ කරයි.