December, 21, 2023
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) මගින් අපනයන විභවයක් ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අපනයන වෙළඳපොළට පිවිසීමේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා සති 6 ක පුළුල් අපනයන පුහුණු වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කරන ලදි. මෙම වැඩසටහන අපනයන සංවර්ධන මණ්ඩල විසින් නව අපනයනකරුවන් බිහි කිරීමේ වැඩසටහන (NEDP) යටතේ ලියාපදිංචි වී ඇති තෝරාගත් ව්‍යවසායකයින් ඉලක්ක කර ක්‍රියාත්මක කරන ලදී.
මෙම වැඩසටහන අදියර තුනකින් සමන්විත වූ අතර පළමු අදියරේ දී අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරීන්ගෙන් සමන්විත අධීක්ෂණ මණ්ඩලයක් මගින් සමාගම් මුලික ඇගයීමට ලක් කරන ලද අතර එමගින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් 25ක් තෝරා ගන්නා ලදී.
දෙවන අදියරේදී අපනයන අලෙවි සැලසුම් පිළිබඳ තනි හා කණ්ඩායම් වශයෙන් පුහුණු සැසි පවත්වන ලදී. මෙම පුහුණු සැසි අපනයන අලෙවි සැලසුම් (EMP) පිලිබඳ පුහුණුකරුවන් ලෙස ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC) විසින් පුහුණු කරන ලද අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරී කණ්ඩායමක් විසින් පවත්වන ලදී. ඔවුන් විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ඉලක්කගත වෙළඳපලක තෝරාගත් නිෂ්පාදනයක් සඳහා තම අපනයන අලෙවිකරණ සැලසුම් සකස් කිරීමෙදී අවශ්‍ය මගපෙන්වීම් ලබා දෙන ලදී. මීට අමතරව, අපනයන වෙළෙඳපොළ සඳහා ඇසුරුම්කරණය, අලෙවිකරණය සහ සන්නාමකරණය, සැපයුම් සහ අපනයන ලියකියවිලි වැනි අපනයන සැලසුම්කරණයේ අත්‍යවශ්‍ය කරුණු පිළිබඳව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා දැනුම වැඩිදියුණු කිරීමේ සැසි කිහිපයක් ක්ෂේත්රයේ විශේෂඥයන්ගේ සහභාගිත්වයෙන් සංවිධානය කර තිබුණි.

අවසාන අදියර ලෙස 2023 දෙසැම්බර් 05 වැනි දින එක් එක් සමගම විසින් සකස්කල අපනයන අළෙවිකරණ සැලසුම් ඉදිරිපත් කල අතර එහිදී එම සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුල්‍ය පහසුකම් පිළිබඳව ඉදිරිපත් කරන ලදී. මෙහිදී අපනයන වෙළදාමට පිවිසීමේදී වැදගත්වන වෙළඳපොළ තොරතුරු ගවේෂණය, නිෂ්පාදන සංවර්ධනය, තත්ත්ව වැඩිදියුණු කිරීම, ධාරිතාව සංවර්ධනය, ඇසුරුම්කරණය, අලෙවිකරණය සහ වෙළඳ නාමකරණය වැනි ජාත්‍යන්තරව තම ව්‍යාපාරය ව්‍යාප්ත කිරීම කිරීමට අවශ්‍ය අංශ වැඩිදියුණු කර ගැනීම සඳහා මූලික අවධානය යොමු කර තිබුණි.
මෙහිදී අපනයන අලෙවිකරණ සැලසුම් ඇගයීමේ විනිශ්චය මණ්ඩලය නියෝජනය කරන ලද්දේ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී රත්නිජා අරන්දර මහත්මිය, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මුල්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය බී. නිශාන්ත සහ ශ්‍රී ලංකා අලෙවිකරණය ආයතනය (SLIM) ගරු ලේකම් ආචාර්ය දිල්හාන් සම්පත් ජයතිලක මහතාය. අපනයන සංවර්ධන මණ්ඩලය විසින් හොඳම අපනයන අලෙවිකරණ සැලසුම් ඉදිරිපත් කල සමාගම් 10 ඇගයීමට ලක් කරන ලදී.
ඒ අනුව Lak Nature International Pvt Ltd, Serangreen Holdings Pvt Ltd, Saviru Spices & Naturals (Pvt) Ltd, Star Mushroom, Aqua Zone Ornamental Fish Farm Pvt Ltd, Cloud Content Marketing Pvt Ltd, Jay Ceylon Cinnamon Pvt Ltd, Nathuco Brown, Randee Super Food Pvt Ltd, St Theresa DC Mills Pvt Ltd යන ආයතන හොඳම අපනයන අලෙවිකරණ සැලැසුම් ඉදිරිපත් කල ආයතනය ලෙස ඔවුනට හිමි ත්‍යාගය ලබාගත් අතර එමගින් අපනයන වෙළඳපොළට පිවිසීමට අවශ්‍ය කටයුතු ඉදිරියේදී සිදු කිරිමට නියමිතය.
Video Story