කුඩු රජා වෙලේ සුදා ලංකාවට කුදලාගෙන එයි. කුඩු ජාවාරමේ තවත් කෙරුමන් කොටුවන හැඩ

    January, 14, 2015

    ජාත්‍යන්තර ගණයේ කුඩු ජාවාරම් කරුවෙකු වන ජාත්‍යන්තර පොලීසිය පවා රතු නිවේදන නිකුත් කර තිබෙන ගම්පොළ විතානගේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තා පාකිස්තානයේදී අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙනවිත් තිබේ.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අප සමග පැවසුවේ වෙලේ සුදා මේ වනවිට මෙරට ආරක්ෂක අංශ අත්අඩංගුවේ සිටින බවයි.

    වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිය ජනාධිපතිවරණ ප්‍රචාරණයේදී ප්‍රමුඛවම ඉදිරිපත් කළ කරුණක් වූයේ කුඩු ජාවාරම් කරුවන්ට එරෙහිව කටයුතු කරන බවත් ඔවුන් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බවයි.

    මේ නිසා, විචාරකයින් පවසන්නේ වෙලේ සුදා අත්අඩංගුවට ගැනීමත් සමග මෙරට කුඩු ජාවාරමේ යෙදෙන මහ කෙරුමන්ද අත්අඩංගුවට පත්වීමේ වැඩි ඉඩකඩක් තිබෙන බවයි.