කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ සහන මිලට ලබාදීමට සියපත ෆිනෑන්ස් සහ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් අතර අවබෝධතා ගිවිසුමක්

    October, 19, 2023

    සම්පත් බැංකු සමූහයට අයත් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී, දේශයේ ජීවනාලිය බඳු ගොවි ජනතාවට කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමෙහිලා අත්වැලක් වෙමින් හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් සමග පසුගියදා අවබෝධතා ගිවිසුමකට එළඹ තිබේ. මෙම අවබෝධතා ගිවිසුම යටතේ හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ස් විසින් වෙළෙඳපොළට ඉදිරිපත්කොට ඇති කුබෝටා කම්බයින් හාවස්ටර්, කුබෝටා ෆෝවීල් ට‍්‍රැක්ටර්, ඊ - කුබෝටා ට‍්‍රැක්ටර් සමග සැහැල්ලූ කෘෂි යන්ත්‍රෝපකරණ හෝ පසු අස්වනු කළමනාකරණ යන්ත්‍රෝපකරණ මිලදීගැනීමේදී අඩුම වාරික ගාස්තු, මාසික හෝ වගා කෙරෙන කන්න අනුව නම්‍යශීලී නැවත ගෙවීමේ පහසුකම්, ණය ඉල්ලූම් කිරීමේදී අවම ලියකියවිලි සහ කඩිනම් අනුමැතිය ලබාදෙන ක‍්‍රියාවලිය යනාදී සුවිශේෂී පහසුකම් රැසක් පිරිනමයි.

    ශ්‍රී ලාංකීය ආර්ථික සංවර්ධනය කෙරෙහි කෘෂිකර්මාන්තය දක්වන දැවැන්ත දායකත්වය කෙරෙහි අවධානය යොමු කළ සියපත ෆිනෑන්ස් පීඑල්සී, හේලීස් ඇග‍්‍රිකල්චර් හෝල්ඩින්ග්ස් වෙතින් ඉහත සඳහන් යන්ත්‍රෝපකරණ සහ වාහන මිලදී ගැනීමේදී ලියකියවිලි ගාස්තුව රු. 10,000ක උපරිමයට යටත්ව නිදහස් කරනු ලැබේ. සියපත ෆිනෑන්ස් - හේලීස් ඇග‍්‍රිකල්චර් සහයෝගීතාවයෙන් දියත් කළ මෙම කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ ප‍්‍රවර්ධන වැඩසටහනේදී ට‍්‍රැක්ටර් මිලදී ගැනීමේදී රු. 25,000 ක වට්ටමක් සහ කම්බයින් හාවස්ටර් මිලදී ගැනීමේදී රු. 50,000 ක වට්ටමක් හේලීස් ඇග‍්‍රිකල්චර් පාර්ශවයෙන් තිළිණ කෙරේ.

    සියපත ෆිනෑන්ස් විසින් මෙම කෘෂි තාක්ෂණික යන්ත්‍රෝපකරණ ප‍්‍රවර්ධන වැඩසටහන හරහා කෘෂි යන්ත්‍රෝපකරණ හෝ පසු අස්වනු කළමනාකරණ යන්ත්‍රෝපකරණ මිලදී ගැනීමේදී එය අනාගත ආයෝජනයක් ලෙස සකසා ගන්නට ගොවි ජනතාව වෙත මගපෙන්වනු ලබයි. පළපුරුදු විශේෂඥ කාර්යය මණ්ඩලයක් සමග දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් හරහා හෘද්‍යාංගම පාරිභෝගික සේවාවක් සපයමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනාගත් මෙරට ප‍්‍රමුඛ පෙළ මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී ගතවූ වසර 18 ක කාලය ඇතුලත උතුර, නැගෙනහිර ද ඇතුළුව ශ්‍රී ලංකාව පුරා විසිරී පැතිරී සිටින පාරිභෝගික ජනතාව වෙත නව්‍යකරණයෙන් පිරිපුන් මූල්‍ය සේවා සම්පාදනය කිරීම හරහා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලන්නේ කෘෂිකර්මාන්තයේ නියැලි ගොවීන්, වගාකරුවන් මෙන්ම කෘෂිකර්මාන්තය හා සබැඳි ව්‍යවසායකයන් සහ ධීවර කර්මාන්තයේ නියැලී සිටින්නන් ද ඇතුළු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් රැසක් ද සවිබල ගන්වමිනි. සියපත ෆිනෑන්ස් පීඑල්සී වෙතින් පිරිනමන ලීසිං, කුලී සින්නක්කර සේවා, ෆැක්ටරින්, ව්‍යාපාර හා පුද්ගලික ණය, නිවාස ණය, රන් ණය, චක‍්‍රීය ණය, ස්ථාවර තැන්පතු ඇතුළු සියළුම මූල්‍ය සේවාවන් පිළිබඳ වැඩිදුර දැනුවත් වීම සඳහා www.siyapatha.lk වෙත පිවිසෙන්න.