කොටස් ගනුදෙනු අත්හිටුවයි

    February, 2, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (02) පස්වරු 1.01 ට අත්හිටුවන ලදී.

    පෙර දිනයට සාපේක්ෂව S&P SL20 දර්ශක අගය 5% ක් ඉක්මවූ ප්‍රමාණයකින් පහළ යාම මීට හේතුවයි.

    පස්වරු 1.31 ට ගනුදෙනු යළි ආරම්භ වීමට නියමිතය.

    දෛනික සාමාන්‍ය ගනුදෙනු අත්හිටුවනු ලබන අවස්ථාවේ දී පෙර දිනයට සියලු කොටස් මිල දර්ශකය ඒකක -371.24 කින් සහ S&P SL20 දර්ශකය ඒකක -171.40 කින් පහළ ගොස් තිබුණි.