කොටස් ගනුදෙනු ඇණහිටී

    January, 29, 2021

    කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (29) පස්වරු 12.07 ට ඇණහිට ඇත.

    මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ තැරැව්කාර සේවා පද්ධතියක බිඳ වැටීමක් හේතුවෙන් මෙලෙස ගනුදෙනු පද්ධතිය බිඳ වැටී ඇති බවයි.

    ගනුදෙනු නැවත ආරම්භ කෙරෙන වේලාව ඉදිරියේ දී දැනුම් දෙන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

    යාවත්කාලීන කිරීම - පස්වරු 12.45 ට කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සඳහා යළි විවෘත වී ඇත.