June, 14, 2024
Cable Solutions Limited විසින් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත වීම සඳහා ඉදිරිපත් කර තිබූ අයදුම්පත අනුමත කර ඇති බව කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීම් අංශයේ උප සභාපතිනි කනිෂ්කා මුනසිංහ පවසයි.
මේ අනුව මූලික මහජන කොටස් නිකුතුවක් සඳහා Cable Solutions Limited කොටසක් රු. 7.50 බැගින් කොටස් මිලියන 80.78 ක් ඉදිරිපත් කිරීමට නියමිතය. මෙය සමාගමේ කොටස් ප්රාග්ධනයෙන් 17.16% වේ.
එහිදී දායකත්වය වෙනුවෙන් නව කොටස් මිලියන 14.66 ක් සහ පවතින කොටස් මිලියන 66.12 ක් අලෙවිය වෙනුවෙන් විවෘතව පවතී.
ඒ අනුව මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා සම්පාදනය කර ගැනීමට යෝජිතක මුළු අරමුදල රු. මිලියන 606 කි.
මෙම කොටස් නිකුතුව 2024 ජූලි 23 දින විවෘත වීමට නියමිතය.

Video Story