කොටස් වෙළෙඳපොළට එන අලුත්ම සමාගම මෙන්න

    January, 26, 2023

    සිය අනුබද්ධිත සමාගමක් වන ආගරපතන වැවිලි සමාගම, මූලික මහජන කොටස් නිකුතුවක් හරහා කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කිරීමට කටයුතු කරනු ලබන ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී නිවේදනය කර සිටී.

    මෙහිදී වැඩිදුරටත් ලංකෙම් ඩිවලොප්මන්ට් පීඑල්සී පවසන්නේ මේ සම්බන්ධයෙන් ඊයේ (25) පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමක දී ඊට සිය කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වූ බවයි.

    කොළඹ කොටස් වෙළෙඳපොළේ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් කොමිසමේ අනුමැතීන් ලැබූ වහාම සමාගම මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කිරීමට නියමිතය.