කොටස් වෙළෙඳපොළෙන් ද්විත්ව ශතකයක්

    September, 4, 2023

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (04) දිනයේ දී ඒකක 218.22 කින් ඉහළ යන ලදී.

    එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.96% ක ඉහළ යාමක් වන අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,374.64 ක් ලෙසින් සටහන් වී තිබුණි.

    මේ අතර S&P SL20 දර්ශකය අද දින ඒකක 80.98 ක් හෙවත් 2.57% ක ඉහළ යාමක් වාර්තා කරමින් ඒකක 3,234.63 ක් දක්වා ඉහළ ගියේය.

    අද දිනය තුළ ගනුදෙනු පිරිවැටුම දැක්වුනේ රු. බිලියන 3.32 ක් ලෙසයි.