January, 5, 2021
අද (05) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 6 සීමාව ඉක්මවා යනු ලැබීය. ඒ අනුව දිනය අවසානයේ දී වාර්තා වී තිබූ පිරිවැටුම රු. බිලියන 6.18 කි.
මේ අතර කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 83.88 කින් ඉහළ ගොස් දිනය අවසානයේ දී ඒකක 6,978.86 ක් ලෙසින් වාර්තා විය. S&P SL20 දර්ශකය දිනය අවසානයේ දී ඒකක 2,707.64 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 20.19 ක ඉහළ යාමකි.
දෛනික පිරිවැටුම සඳහා බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු. බිලියන 1.25), එක්ස්පෝලංකා (රු. මිලියන 634.75), ACL කේබල්ස් (රු. මිලියන 372.34), ඇලුමෙක්ස් (රු. මිලියන 240.79) ඉහළ දායකත්වයක් ලබා දුන් සමාගම් වේ.
සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා ලංකා දුම්කොළ සමාගම, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, වැලිබල් වන්, ඩිස්ටිලරීස් සහ එක්ස්පෝලංකා වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.

Video Story