October, 2, 2023
අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්රධාන මිල දර්ශකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබේ.
එහි දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 171.85 කින් පහළ ගොස් ඒකක 11,163.76 ක් ලෙසත්, S&P SL20 දර්ශකය ඒකක 47.01 කින් පහළ ගොස් ඒකක 3,150.71 ක් ලෙසත් වාර්තා විය.
පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී අද දින සමාගම් 145 ක කොටස් මිල ගණන් පහළ ගොස් තිබුණු අතර එහි දී සම්පත් බැංකුව, කොමර්ෂල් බැංකුව, සෙලින්කෝ ඉන්ෂුවරන්ස්, HNB සහ එයිට්කන් ස්පෙන්ස් යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට වැඩි බලපෑමක් කර තිබුණි. මිල ඉහළ යාම් වාර්තා වී තිබුණේ සමාගම් 32 ක පමණි.
අද දින ගනුදෙනු පිරිවැටුම රු. මිලියන 686 ක් තරම් පහළ අගයක් වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. මිලියන 629 ක් හා දේශීය විකිණුම් රු. මිලියන 559 ක් ලෙසින් වාර්තා වී තිබුණු අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 57 ක් සහ විදේශීය විකිණුම් රු. මිලියන 127 ක් ලෙසින් වාර්තා විය.
Video Story