March, 7, 2024
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් අද (07) දිනයේ වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.18 කින් ඉහළ ගොස් ඒකක 11,045.90 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 47.15 කින් ඉහළ ගොස් ඒකක 3,147.45 ක් ලෙසින් සටහන් විය.
මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා යන ලද්දේ 2023 ඔක්තෝබර් 05 දිනෙන් පසුව වීම විශේෂත්වයකි.
අද දිනයේ දී සමාගම් 156 ක කොටස් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව ඉහළ ගොස් තිබුණු අතර එහිදී LOLC හෝල්ඩිංග්ස්, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, ජෝන් කීල්ස් හොල්ඩිංග්ස්, LOLC ෆිනෑන්ස් සහ සිලෝන් ටුබැකෝ කම්පැනි යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලැබී තිබුණි.

රු. බිලියන 2.63 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය. එහිදී දිනයේ සාමාන්‍ය ගනුදෙනු හරහා ලංකා මිල්ක් ෆුඩ්ස් (රු.මි. 216), ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් කම්පැනි (රු.මි. 152), LOLC ෆිනෑන්ස් (රු.මි. 150), HNB (රු.මි. 141) සහ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (රු.මි. 136) යන සමාගම්වලින් දෛනික පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබා දී තිබුණි.
මීට අමතරව ගිවිසාගත් ගනුදෙනු ලෙසින් සෙන්ටුල් ෆිනෑන්ස් (රු.මි. 123.6) සහ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් (රු.මි. 114) යන සමාගම්වල කොටස් හුවමාරු වී ඇති බව කොටස් වෙළෙඳපොළ දත්ත වාර්තා පෙන්වා දේ.
Video Story