• Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළේ විදෙස් ආයෝජන වාර්තාගත ලෙස ඉහළට

December, 22, 2022

අඛණ්ඩව පස්වන දිනයටත් කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් ඊයේ (21) දිනයේ දී වාර්තා විය.

ඒ අනුව සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,420.26 ක් දක්වා ඒකක 88.27 කින් පහළ ගිය අතර S&P SL20 දර්ශක අගය ඒකක 2,653.84 ක් දක්වා ඒකක 40.61 කින් පහළ යන ලදී.

මෙය පිළිවෙලින් 1.04% ක හා 1.51% ක පහළ යාමකි.

වාර්තාගත රු. බිලියන 4.62 ක ගනුදෙනු පිරිවැටුමක් ඊයේ දිනයේ දී ජනනය වී තිබුණු අතර ප්‍රධාන වශයෙන් එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි ප්‍රධාන කොටස්කාර සමාගම වන ජපානයේ SG Holdings සමාගම අඛණ්ඩව එම සමාගමේ කොටස් මිල දී ගැනීම මීට ප්‍රධාන වශයෙන් දායකත්වය වුණි.

ඒ අනුව ඊයේ දිනයේ දී පමණක් රු. බිලියන 2.9 ක ශුද්ධ විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණයක් වාර්තා වී තිබුණි.

 

Video Story

Stock Market

Exchange Rates