• Ada Derana BIZ Sinhala
  • cse
  • growth
  • sri lanka

කොටස් වෙළෙඳපොළේ සුවිශේෂී වර්ධනයක්. සියලු කොටස් ඒකක 276 කින් ඉහළට

November, 30, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි කැපීපෙනෙන වර්ධනයක් අද (30) දිනයේ දී වාර්තා විය.

මේ අනුව අද දිනය තුළ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 276.02 ක හෙවත් 3.30% ක ඉහළ යාමක් වාර්තා කරන ලද අතර S&P SL20 දර්ශකය ඒකක 2,730.08 ක හෙවත් 3.40% ක වර්ධනයක් වාර්තා කර තිබුණි.

දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 8,651.23 ක් හා S&P SL20 දර්ශකය ඒකක 2,730.08 ක් ලෙසින් සටහන් විය.

සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වූ අඛණ්ඩ සිව්වෙනි දිනය අදයි.

අද දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා සම්පත් බැංකුව, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, LOLC හෝල්ඩිංග්ස්, වැලිබල් වන් සහ හේලීස් යන සමාගම් ඉහළ දායකත්වයක් ලබා දෙන ලදී.

රු. බිලියන 3.35 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වී තිබුණි.

මෙහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.99 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 3.02 ක් ලෙසින් සටහන්ව තිබුණි අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 361.93 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 322.69 ක් ලෙසින් වාර්තා වුණි.