කොටස් වෙළෙඳපොළ කඩා වැටෙයි

    April, 16, 2024

    කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකයන් හි දැවැන්ත කඩා වැටීමක් අද (16) දිනයේ දී වාර්තා විය.

    එහිදී කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය ඒකක 214.04 ක හෙවත් 1.78%ක පහළ යාමක් වාර්තා කළේය. S&P SL20 දර්ශකය ඒකක 94.92 කින් හෙවත් 2.66% කින් පහළ යන ලදී.

    ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,792.16 ක් ලෙසත් S&P SL20 දර්ශකය ඒකක 3,470.25 ක් ලෙසත් සටහන්ව තිබුණි.
    රු. බිලියන 1.48 ක ගනුදෙනු පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.

    ප්‍රධාන වශයෙන් සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට කොමර්ෂල්, සම්පත් සහ HNB යන බැංකු සමාගම්වල කොටස් මිල ගණන් විශාල වශයෙන් පහළ යාම හේතු වී තිබුණි.

    අද දින සමාගම් 152 ක කොටස් මිල ගණන් ඊයේ දිනයට සාපේක්ෂව පහළ යාම කැපී පෙනෙන සිදුවීමකි.