කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය රු. ට්‍රිලියන 3 ඉක්මවයි

    January, 5, 2021

    කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුවේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය ඊයේ (04) දිනයේ දී රුපියල් ට්‍රිලියන 3 සීමාව ඉක්මවා යන  ලදී.

    මේ අනුව ඊයේ දින ගනුදෙනු අවසානයේ දී වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. 3,013,426,581,096/- ක් ලෙසින් වාර්තා විය.

    වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම වන්නේ ලංකා දුම්කොළ සමාගමයි. එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රු. බිලියන 211 ක් වේ. දෙවන ස්ථානයේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පසුවන්නේ රු. බිලියන 197 ක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයක් සමඟිනි. තෙවන තැන ඩයලොග් ආසියාටා සමාගම පසුවන අතර එහි වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ අගය රු. බිලියන 102 ක් වේ.

    සමාගමක වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ගණනය කරනුයේ සමාගමේ නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය, එම සමාගමෙහි කොටසක වෙළෙඳපොළ මිලෙහි ගුණිතයක් ලෙස ගැනීමෙනි. නිකුත් කරන ලද කොටස් ප්‍රමාණය වෙනස් නොවන විට සමාගමේ කොටස් මිල උච්ඡාවචනය වන අවස්ථාවේ දී එම සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ද ඉහළ පහළ යනු ඇත.

    මෙලෙස කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කර ඇති සියලු සමාගම්වල වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙහි එකතුව සමස්ත වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය වේ.

    වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව කොළඹ කොටස් වෙළෙඳපොළේ විශාලතම සමාගම් 25 පහත පරිදි වේ.