කොටස් වෙළෙඳපොළ බදාදා කලින් වැසේ

    April, 8, 2024

    2024 අප්‍රේල් 10 වෙනි බදාදා දින කොටස් වෙළෙඳපොළ දෛනික වෙළෙඳපොළ ගනුදෙනු මධ්‍යහ්න 12.00 ට අවසන් කෙරෙන බව කොළඹ කොටස් වෙළෙඳපොළ නිවේදනය කර සිටී.

    ව්‍යවස්ථාපිත නිවාඩු දිනයක් වන සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය, 2024 අප්‍රේල් 13 වන සෙනසුරාදා දිනට යෙදී ඇති බැවින් මෙලෙස දින භාගයක නිවාඩුවක් කොටස් වෙළෙඳපොළ වෙත ලැබී ඇත.