• Ada Derana BIZ Sinhala
  • cse
  • sri lanka

කොටස් වෙළෙඳපොළ සීඝ්‍ර ගමනක. සියලු කොටස් ඒකක 295කින් ඉහළට

October, 13, 2022

කොළඹ කොටස් වෙළෙඳපාළ මිල දර්ශක අද (13) දිනයේ දී කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කරන ලදී.

එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 295.28 කින් හා S&P SL20 දර්ශකය ඒකක 117.30 කින් දිනය තුළ දී ඉහළ ගිය අතර එය පිළිවෙලින් 3.34% ක හා 4.36% ක වර්ධනයක් වේ.

මේ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 9,148.55 ක් හා S&P SL20 දර්ශක අගය ඒකක 2,805.11 ක් ලෙසින් වාර්තා විය.

රුත බිලියන 2.57 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 2.29 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 2.55 ක් ලෙසින් සටහන්ව තිබුණි. දිනය තුළ විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 278.68 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 20.25 ක් ලෙසින් වාර්තා විය.

පසුගිය දින කිහිපය පුරාවට සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට ප්‍රබල ලෙස හේතු වුණු සමාගම් කොටස් දෙකක් වන ලංකා අයි ඕ සී සහ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් යන සමාගම්වල කොටස් මිල අද දිනයේ දී සුවිශේෂී වර්ධනයක් වාර්තා කරනු ලැබීය. ඊට අමතරව හේලීස්, රිචඩ් පීරිස් ඇන්ඩ් කම්පැනි සහ සම්පත් බැංකුව යන සමාගම්වලින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දී තිබුණි.