කොමර්ෂල් බැංකුවේ කාර්යමණ්ඩලය ‘පහන් ගී’ සමඟ පොසොන් සමරයි

    June, 8, 2023

    කොමර්ෂල් බැංකුවේ කාර්යමණ්ඩලයේ 30 දෙනෙකුගෙන් යුත් ගායන කණ්ඩායමක් විසින් පවත්වනු ලැබූ ‘පහන් ගී’ බැති ගී සරණිය සමඟින් පොසොන් උත්සවය පසුගියදා සමරනු ලැබීය. නවරඟහලේදී පැවති මෙම අවස්ථාවට වත්මන් සහ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් සහභාගී විය. සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතා, කළමනාකාර අධ්‍යක්ෂ/ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා ඇතුළු බැංකුවේ ආයතනික සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ නියෝජිතයින් සහ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකු මෙම අවස්ථාවට සහභාගී වූහ.

    ශ‍්‍රී ලාංකේය ජනප‍්‍රිය සංගීතවේදී ජගත් වික‍්‍රමසිංහ මහතා මෙම බැති ගී සරණියේ ආරාධිත කලාකරුවා ලෙස සහභාගි වූ අතර බැංකුවේ කාර්ය මණ්ඩලය සමඟ ගීත කිහිපයක් ගායනා කළේය. මෙවර බැති ගී සරණියේ විශේෂත්වය වූයේ ගායන කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද බැති ගී බොහොමයක් බැංකුව වෙනුවෙන් නිර්මාණය කර තිබීමයි.

     

    සේයාරුවෙන් දැක්වෙන්නේ ‘පහන් ගී’ බැති ගී සරණියේ එක් අංගයකි.