කොමර්ෂල් බැංකුවේ දැවැන්ත කොටස් ගනුදෙනුවක්

    June, 25, 2024

    අද (25) පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රු. බිලියන 3 සීමාව ඉක්මවා ගියේය.

    මේ සඳහා ප්‍රධාන වශයෙන් කොමර්ෂල් බැංකුවේ කොටස් ගනුදෙනුවක් හේතු වී තිබුණි.

    එහිදී කොමර්ෂල් බැංකුවේ ඡන්ද බලය හිමි කොටස් මිලියන 25 ක්, එක් කොටසක් රු. 110.00 බැගින් හුවමාරු විය.

    මෙම ගනුදෙනුව හරහා පමණක් ජනනය වූ පිරිවැටුම රු. බිලියන 2.75 කි.

    කොටස් වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ කොමර්ෂල් බැංකුවේ ප්‍රධාන කොටස්කරුවන් දෙදෙනෙකු අතර මෙම කොටස් හුවමාරුව සිදුව ඇති බවයි.

    ඒ අනුව අද මධ්‍ය්හන වන විට කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම රු. බිලියන 3.3 සීමාව ඉක්මවා ගොස් තිබුණි.