කොමර්ෂල් බැංකුවේ නවතම සුපිරි වෙළඳසැල් බැංකු ශාඛාව දෙල්ගොඩ ලාෆ්ස් සුපිරි වෙළඳ සැලට

    February, 1, 2016

    දෙල්ගොඩ, නව නුවර පාරේ අංක 328 A දරණ ස්ථානයේ පිහිටි ලාෆ්ස් සුපිරි වෙළඳසැල තුළ සුපිරි වෙළඳසැල් බැංකු ඒකකයක් විවෘත කරමින් කොමර්ෂල් බැංකුව බියගම ප්‍රදේශයට සපයන සේවාව තවත් පුළුල් කිරීමට කටයුතු කර තිබේ.

    දිනපතා උදෑසන 9.30 සිට රාත්‍රී 7.00 දක්වා විවෘතව තැඛෙන මෙම නව ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයක් (ATM) පිහිටුවා තිඛෙන අතර මෙය ශ්‍රී ලංකාවේ 247 වන කොමර්ෂල් බැංකු ශාඛාවයි.

    කොමර්ෂල් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී - පුද්ගලික බැංකු II නිරාන් ද කොස්තා මහතා මෙම බැංකු ශාඛාව විවෘත කරන අයුරු සේයාරුවෙන් දැක්වේ. බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළාපීය කළමනාකරු - කොළඹ නාගරිකය රොෂාන් පෙරේරා මහතා සහ දෙල්ගොඩ මිනිකොම් ශාඛාවේ කළමනාකරු කපිල විශ්වනාත් මහතාද සේයාරුවේ සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates