කොමර්ෂල් බැංකුවේ විදේශීය මුදල් ගිණුම් හිමියන්ට ජාත්‍යන්තර ඩෙබිට් කාඞ් පතක් සහ කොම්බෑන්ක් ඩිජිටල් සේවාව නොමිලේ

    February, 6, 2023

    කොමර්ෂල් බැංකුව විසින් නව විදේශීය මුදල් ගිණුම් විවෘත කරන ගිණුම් හිමියන් සඳහා ආකර්ශනීය නව ප‍්‍රතිලාභ මාලාවක් ලබාදෙන බව නිවේදනය කර තිබේ.

    නව විදේශීය මුදල් ගිණුම් විවෘත කරන ගනුදෙනුකරුවන්ට මෙම ප‍්‍රතිලාභ ලබාගත හැකි අතර එයට නොමිලේ ලබාදෙන ජාත්‍යන්තර ඩෙබිට් කාඞ් පතක්, කොම් බෑන්ක් ඩිජිටල් සේවාවේ නොමිලේ ලියාපදිංචි වීමේ අවස්ථාව, කොම්බෑන්ක් ඩිජිටල් භාවිතා කිරීමේදී පළමු වසරේ ගාස්තුවෙන් නිදහස් වීමේ අවස්ථාව ඇතුළත් වන බව බැංකුව සඳහන් කරයි.

    මෙම ප‍්‍රතිලාභ කොමර්ෂල් බැංකුවේ පුද්ගලික විදේශීය මුදල් ගිණුම් (PFA) සහ ‘FC Plus’ ගිණුම් සඳහා අදාළ වේ.

    බැංකුව සඳහන් කරන්නේ FC Plus ගිණුම් හිමියන්ට පොලී මත පොලී ලබාගැනීමට අවස්ථාව ලබාදෙමින් මෙම ගිණුමේ තිබෙන ශේෂයට දිනපතා පොලී එකතු කරමින් ගනුදෙනුකරුවාගේ ගිණුමට මාසිකව බැර කරන බවයි. මේ නිසා, අනිකුත් විදේශ මුදල් ගිණුමකට වඩා වේගයෙන් විදේශ මුදල් ඉතිරි කිරීමක් මෙම ගිණුම මගින් සිදුකළ හැකි බවත් විදේශීය තැන්පතු පොලී අනුපාත වලට වඩා ඉහළ ප‍්‍රතිලාභයක් ලබාගත හැකි බවත් බැංකුව සඳහන් කරයි.

    FC Plus ගිණුමක් ඇමරිකානු ඩොලර්, යූරෝ, ස්ටර්ලිං පවුම් හෝ  ඕස්ටේ‍්‍රලියානු ඩොලර් යන විදේශීය මුදල් ඒකකයකින් 5000 ක අවමයක් තැන්පත් කර ආරම්භ කළ හැකි අතර ගිණුම් ශේෂය 50,000, 50,001 - 100,000 සහ 100,001 කට වඩා යන මට්ටම් වලදී එක් එක් අගයට අදාළව ඉහළ පොලී ප‍්‍රතිලාභයක් ලබාගැනීමට අවස්ථාව ලැබෙන පරිදි මෙම ගිණුම නිර්මාණය කර තිබේ.

    පුද්ගලික විදේශ මුදල් ගිණුම යනු ඇමරිකානු ඩොලර්, ස්ටර්ලිං පවුම්, ස්වීස් ෆ‍්‍රෑන්ක්, ජපාන යෙන්,  ඕස්ටේ‍්‍රලියානු ඩොලර්, කැනේඩියානු ඩොලර්, හොංකොං ඩොලර්, යූරෝ, සිංගප්පූරු ඩොලර්, නවසීලන්ත ඩොලර්, චීන යුවාන්, ස්වීඩන් ක්‍රෝනර්, නෝර්වේජියානු ක්‍රෝනර් සහ ඩෙන්මාර්ක් ක්‍රෝනර් යන මුදල් වලින් ආරම්භ කළ හැකි ගිණුමකි.

    කොමර්ෂල් බැංකුව විසින් Forex Plus යනුවෙන්ද තරගකාරී විදේශීය මුදල් ස්ථාවර තැන්පතු යෝජනා ක‍්‍රමයක් පවත්වාගෙන යන අතර එමගින් 9.5% ක් දක්වා වාර්ෂික පොලී අනුපාතයක් ලබාදෙයි. එවැනි ගිණුමක් අවුරුදු 05 ක් දක්වා ආරම්භ කළ හැකි අතර ඒ සඳහා ඉහත සඳහන් කළ සියළු මුදල් ඒකක වලංගුවේ.

    ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 269 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 943 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.