June, 19, 2023
ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතේ පිහිටි කන්තලේ නගරය, රටේ ප්‍රමුඛතම පෞද්ගලික අංශයේ බැංකුව වන කොමර්ෂල් බැංකුවෙන් නවීනතම බැංකුකරණ පහසුකම් ලබන නවතම නගරය බවට පත්ව ඇත.
දෙවැනි අග්ගබෝධි රජු (604 - 614 ක්‍රි.ව.) විසින් ඉදිකරන ලද සහ මහා පරාක්‍රමබාහු රජු විසින් පුනරුත්ථාපනය කරන ලද දර්ශනීය කන්තලේ වැව නිසා ප්‍රසිද්ධියට පත් වී ඇති මෙම ඓතිහාසික නගරයේදී කොමර්ෂල් බැංකුව මැතකදී සිය 271 වන ශාඛාව විවෘත කරන ලදී.
කන්තලේ ප්‍රධාන වීදියේ අංක 72/1හි පිහිටා ඇති නව ශාඛාව ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රයෙන් (ATM) සහ මුදල් තැන්පතු හා ආපසු ගැනීමේ යන්ත්‍රයකින් (CRM) සමන්විත වන අතර, එමගින් දවසේ පැය 24 පුරා දින 365 පුරාවටම සේවා සඳහා ප්‍රවේශය ලබාදෙනු ඇත. මෙම ශාඛාව විවෘත කිරීමත් සමග කොමර්ෂල් බැංකුවේ ස්වයංක්‍රීය යන්ත්‍ර ජාලය, පර්යන්ත 952ක් දක්වා වර්ධනය වෙයි.
මෙම නව ශාඛාව විවෘත කිරීමත් සමග, කෘෂිකාර්මික නිෂ්පාදන සඳහා ප්‍රසිද්ධියක් උසුලන සහ වැදගත් සංචාරක ගමනාන්තයක් ලෙසද සලකනු ලබන කන්තලේ ප්‍රදේශයේ ආර්ථික කටයුතු සඳහා විශාල දිරිගැන්වීමක් ඇතිවනු බැව්ද බැංකුව ප්‍රකාශ කරයි.
කොමර්ෂල් බැංකුවේ සභාපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන (වමේ සිට තෙවැන්නා), කළමණාකාර අධ්යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා (වමේ සිට දෙවන්නා) සහ බැංකුවේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප්රභාගර් මහතා (දකුණේ කෙළවරෙහි) බැංකුවේ ජ්‍යෙෂ්ඨ සහ ආයතනික කළමනාකාරිත්වයේ නියෝජිතයින් ඉදිරියේ ශාඛාව විවෘත කරන අයුරු සේයාරුවෙන් දැක්වෙයි.
Video Story