කොමර්ෂල් බැංකුව වෙතින් ‘මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ’ නව යන්ත‍්‍ර පෙළක්

    September, 23, 2016

    සාමාන්‍ය ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ATM සහ තැන්පතු කිරීමේ යන්ත‍්‍ර වලට පහසුකම් රැුසක් එකතු කරමින් ක්ෂණිකව තම ගිණුම් වලට මුදල් තැන්පත් කිරීමේ පහසුකම සහිත නව පරම්පරාවේ මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත‍්‍ර පෙළක් කොමර්ෂල් බැංකුව විසින් දියත් කර තිබේ.

    අදියර වශයෙන් මෙම මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත‍්‍ර දිවයින පුරා පිහිටි 251 ක් වන සිය ශාඛා ජාලයේ ස්ථාපිත කරන බව ශ‍්‍රී ලංකාවේ විශාලතම වාණිජ බැංකුව සඳහන් කරයි.

    මෙම නව යන්ත‍්‍ර මගින් කාඞ්පත් නොමැතිව තම ගිණුම් වලට මෙන්ම තුන්වන පාර්ශවයේ ගිණුම් වෙත මුදල් තැන්පත් කළ හැකිය. මීට අමතරව, බැංකුව සඳහන් කරන්නේ ජල, විදුලි බිල්පත් වැනි සේවා සඳහා කරන ගෙවීම් සහ කොමර්ෂල් බැංකුවේ ණයපත් වලට අදාළ ගෙවීම්ද මෙම යන්ත‍්‍ර මගින් සිදුකළ හැකි බවයි. අති නවීන මෙම යන්ත‍්‍ර වලට වරකට නෝට්ටු 200 ක් දක්වා ගණන් කිරීමේ හැකියාව තිබෙන අතර මෙහිදී ලියුම් කවර අවශ්‍ය නොවන නිසා මෙය වඩාත් පරිසර හිතකාමී වේ.

    එසේම, මෙම නව යන්ත‍්‍ර මගින් ගිණුමේ තොරතුරු පරීක්ෂා කිරීම, ඒකාබද්ධ ගිණුම් අතර අරමුදල් හුවමාරු කිරීම, පුද්ගලික හඳුනාගැනීමේ අංක PINවෙනස් කිරීම සහ සංක්‍ෂිප්ත බැංකු වාර්තාවක් ලබාගැනීම යන පහසුකම් හිමිවන බව බැංකුව සඳහන් කරයි. සිදුකළ ගනුදෙනු වලට අදාළව සවිස්තරාත්මක රිසිට් පතක් මෙම යන්ත‍්‍ර මඟින් ජනිත කරයි.

    ‘‘පාරිභෝගිකයින් සිදුකරන ගනුදෙනු වඩාත් පහසු කිරීම, වඩාත් කාර්යක්ෂම කිරීම සහ සුරක්ෂිිත කිරීම වෙනුවෙන් අපගේ තිබෙන කැපවීම නිසා අපි අඛණ්ඩවම තාක්ෂණය වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමුකරනවාල’’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිළධාරී, ජෙගන් දුරෙයිරත්නම් මහතා පැවසීය. ‘‘මෙම නව යන්ත‍්‍ර ඉතාමත් ඉහළ පහසුකම් වලින් යුක්ත වන අතර සතියේ දින හතේ පැය 24 පුරාම අප ලබාදෙන බැංකු සේවා මෙයින් වඩාත් ශක්තිමත් වෙනවා.’’

    කොමර්ෂල් බැංකුව විසින් 2015 වසරේදී හරිත බැංකුකරණය යටතේ සම්පූර්ණයෙන්ම කඩදාසි භාවිතා නොකරන නව පරම්පරාවේ මුදල් තැන්පත් කිරීමේ යන්ත‍්‍ර හඳුන්වා දීමට කටයුතු කරන ලදී. කොමර්ෂල් බැංකුවේ හරපත් සහ ණයපත් සඳහා කරන ගෙවීම්ද සිදුකළ හැකි මෙම යන්ත‍්‍ර විසින් රුපියල් 5000, රුපියල් 1000, රුපියල් 500, සහ රුපියල් 100 යන මුදල් නෝට්ටු පිළිගන්නා අතර අපවිත‍්‍ර මුදල් නෝට්ටු සහ පළුදු වූ මුදල් නෝට්ටු මෙම යන්ත‍්‍ර විසින් ප‍්‍රතික්ෂේප කරයි. මීට අමතරව, නිර්දේශිත මුදල් නෝට්ටු වලට අමතරව වෙනත් අගයන් සහිත මුදල් නෝට්ටු සහ විදේශීය මුදල් නෝට්ටුද යන්ත‍්‍රය විසින් ප‍්‍රතික්ෂේප කරන අතර ඒවා යන්ත‍්‍රයේ ‘Reject Tray’ එක තුළින් නැවතත් ආපසු පැමිණේ. එසේම, මෙම යන්ත‍්‍රය විසින් කාසිද පිළිගන්නේ නැත.

    බැංකුවේ ඩිජිටල් බැංකුකරණ පද්ධතිය විසින් මේ වනවිට ගනුදෙනු කරුවන්ට සිය ගනුදෙනු පහසුවෙන් කර ගැනීම සඳහා මාදිලි හතරකින් යුක්ත යන්ත‍්‍රවල සේවය ලබාදී ඇත. සාම්ප‍්‍රදායික ලෙස මුදල් ආපසු ලබාගන්නා ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර, මුදල් තැන්පත් කිරීමේ යන්ත‍්‍ර, චෙක්පත් තැන්පත් කිරීමේ යන්ත‍්‍ර සහ නවතම මුදල් තැන්පත් කිරීමේ සහ ආපසු ගැනීමේ යන්ත‍්‍ර මෙම යන්ත‍්‍ර වර්ග හතරයි. කොමර්ෂල් බැංකුව සතුව ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර 638 ක ජාලයක් තිබෙන අතර මෙය මෙරට තනි බැංකුවක් සතුව තිබෙන විශාලතම මුදල් ආපසු ලබාගැනීමේ ජාලය වෙයි. බැංකු ශාඛාවකට පැමිණ පෝරම පුරවා මුදල් ගනුදෙනු කිරීමක් අවශ්‍ය නොවන ගනුදෙනු ස්ථාන 700 කට වැඩි ප‍්‍රමාණයක් කොමර්ෂල් බැංකුව විසින් රට පුරා ස්ථාපිත කර තිබේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම හය වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මෙරට තුළ බැංකු ශාඛා 251 ක් ඇත. ශ‍්‍රී ලංකාවේ හොඳම බැංකුව, හොඳම වෙළඳ බැංකුව, ශක්තිමත්ම බැංකුව සහ වඩාත්ම ගෞරවණීය බැංකුව ලෙස වසර ගණනාවක් දෙස් විදෙස් ආයතන සහ ප‍්‍රකාශන විසින් කොමර්ෂල් බැංකුවට සම්මාන රැුසක් ප‍්‍රදානය කර තිබේ. ලංකා වාණීජ මණ්ඩලය විසින් තෝරාපත් කරගත් ශී‍්‍ර ලංකාවේ හො`දම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට වසර ගණනාවක් එක්වීමටද බැංකුවට හැකිවිය.

    කොමර්ෂල් බැංකුවේ විදේශ මෙහෙයුම් කටයුතු සැලකීමේදී බංග්ලාදේශය තුළ ශාඛා 18 ක් පවත්වාගෙන යන අතර මියන්මාරයේ යැන්ගොන්හි, නියෝජිත කාර්යාලයක් පවත්වාගෙන යයි. කොමර්ෂල් බැංකුව විසින් 2016 වසරේදී මාලදිවයින තුළ පළමු පෙළ බැංකුවක් ආරම්භ කිරීමට කටයුතු කරමින් සිටී. මේ අතර, සම්පූර්ණ හිමිකාරීත්වය සහිත මුදල් හුවමාරු මෙහෙයුම් කටයුතු ඉතාලියේ සිදුකිරීමට බැංකුවට පසුගියදා බලපත‍්‍රයක් හිමිවිය.