කොමර්ෂල් බැංකුව සති නමයක ‘ඩයින් ඇන්ඩ් ස්මයිල්‘ ප්‍රවර්ධන වැඩසටහනක් අරඹයි

    February, 23, 2016

    2016 අප්‍රේල් 17 වනදා දක්වා ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට සුප්‍රසිද්ධ අවන්හල් 57 කදී 30% ක සහ 20% ක වට්ටම්

    කොමර්ෂල් බැංකුවේ ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට දිවයිනේ ප්‍රමුඛතම අවන්හල් වලින් ආහාර පාන ලබාගැනීමේදී සිත්ගන්නා සුළු සුවිශේෂී වට්ටම් ලබාදෙන කොමර්ෂල් බැංකුවේ ‘ඩයින් ඇන්ඩ් ස්මයිල්‘ ප්‍රවර්ධන වැඩසටහනේ නවතම අදියර මේ වනවිට ආරම්භ වී තිඛෙන අතර 2016 අප්‍රේල් 17 දක්වා සති නමයක කාලය තුළදී සුප්‍රසිද්ධ අවන්හල් 57 ක් තුළින් මෙවර වට්ටම් හිමිකර ගත ඇත.

    කොමර්ෂල් බැංකුව විසින් නිකුත් කර තිඛෙන වීසා සහ මාස්ටර්කාඩ් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් වලින් කරන ගෙවීම් සඳහා පිළිවෙලින් 30%ක සහ 20%ක වට්ටමක් මීගමුව, ගාල්ල, නුවරඑළිය සහ යාල පිහිටි ජෙට්වින්ග් සමූහයට අයත් හෝටල් හයක අවන්හල් 12 කදී, කළුතර තූර්යා හෝටලයේ අවන්හල් පහකදී, කොළඹ ගලධාරී හෝටලයේ අවන්හල් හතරකදී, වෝටර්ස් එජ් හෝටලයේ අවන්හල් හතරකදී සහ තවත් අවන්හල් 36 කදී හිමිවේ.

    මෙවර ප්‍රවර්ධන වැඩසටහන සඳහා සම්බන්ධ වී සිටින ජෙට්වින්ග් සමූහයට අයත් හෝටල්වල අවන්හල් මගින් මෙම වට්ටම් 2016 අප්‍රේල් 10 වනදා දක්වා ලබාගත හැකි අතර අනෙකුත් අවන්හල් වෙතින් මෙම වට්ටම් අප්‍රේල් 17 වනදා දක්වා ලබාගත හැකිබව බැංකුව සඳහන් කරයි.

    මෙවර ප්‍රවර්ධන වැඩසටහනට සහභාගී වන්නේ ජෙට්වින්ග් බීච් හෝටලයේ ද සෑන්ඩ් අවන්හලල බ්ලැක්කොරල්ල ද ඩෙක් අවන්හල, මීගමුව ජෙට්වින්ග් බ්ලු හෝටලයේ ද කිචන්, සෙන්ටර් පොයින්ට් සහ කැෆේ ජේ, ගාල්ලේ පිහිටි ජෙට්වින්ග් ලයිට්හවුස් හෝටලයේ සිනමන් රූම් සහ කාර්ඩමම් කැෆේ, මීගමුවේ ජෙට්වින්ග් සී හෝටලයේ කැෆේ සී සහ ලෙල්ලම, නුවරඑළියේ ජෙට්වින්ග් සෙන්ට් ඇන්ඩෘෘස් හෝටලයේ ඕල්ඩ් කෝර්ස් රෙස්ටුරන්ට්, ජෙට්වින්ග් යාල හෝටලයේ ද ඩයිනින්ග් රූම්, අවානි ඛෙන්තොට හෝටලයේ ෆ්‍රැන්ගිපානි සහ ද ලොෆ්ට්, ක්ලබ් ඛෙන්තොට හෝටලයේ ප්‍රධාන අවන්හල, ක්ලබ් හොටෙල් ඩොල්ෆින්හි වේව්ස් අවන්හල, අර්ල්ස් රීජන්සි හෝටලයේ ෆා පැවිලියන්, රෝයල් ස්පයිස්, ගලධාරී හෝටලයේ කැලිෆෝනියා ග්‍රිල්, කොෆි ෂොප්, ෆ්ලේවර්ස් ඇන්ඩ් ෂෙහෙර්සාඩ්, කළුතර තූර්යා හෝටලයේ එස්.වී.ඒ.ආර්, සමාසා, ටාසා, මිස්ටා ඩෙලි සහ පින්ක් ලොබ්ස්ටර්, කලම්බෝ කොර්ට් යාර්ඩ්හි අම්රිත් මසාලා ටෝක්, බර්ලින් ස්කයි ලෝන්ජ්, බාර්ස්, කැෆේ මයිකල්ඇන්ජෙලෝ, ලොෆ්ට් සහ ස්කාර්ලට් රූම්, යාපනයේ ෆිට්ස් මාර්ගෝසා, Il සීලෝ, ජැක් ට්‍රී, ජේඩ්, කින්ග්කොකනට්, කින්නරී, ලුන්ටාඕ, මහරාජාපැලස්, පොපිහනා ජපාන අවන්හල, රජ බොජුන්, සෙමොන්ඩු, සියම් හවුස්, ස්ට්‍රීට් 360, සන්ෂයින්, ද මැන්ගො ට්‍රී, ද සැන්ඩ්විච් ෆැක්ටරි, TGI ෆ්‍රයිඩේස්, සින්ග්ටාඕ, සුකිජිවොයිචි, විච් වේ වෙස්ට් සහ වෝටර්ස් එජ් හෝටලයේ ද බේකරි, බ්‍රෝඩ් වෝර්ක්, ගින්සා සහ ද ලෝන්ග් බාර් යන අවන්හල්ය.

    කාඩ්පත් හිමියන්ට මෙම වට්ටම් ලබාදෙන්නේ බැංකුවේ ‘කොම්ඩීල්ස්‘ සේවාව හරහා පිරිනමන විශේෂ වට්ටම් සහ ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන්ට ලබාදෙන පොළී රහිත පහසු ගෙවීමේ වරප්‍රසාදයන්ට අමතරවයි. වීසා සහ මාස්ටර් කාඩ්පත් සමාගම් විසින් ජාත්‍යන්තර වශයෙන් පවත්වනු ලබන ප්‍රවර්ධන වැඩසටහන් සඳහා සහභාගී වීමට ද කොමර්ෂල් බැංකුවේ කාඩ්පත් හිමියන් සුදුසුකම් ලබයි.