කොමර්ෂල් බැංකුව හොඳම වාර්ෂික වාර්තා සඳහා පිදෙන ලොව පිළිගත් සම්මාන 5ක් දිනාගනියි

    September, 7, 2023

    කොමර්ෂල් බැංකුවේ 2022 වාර්ෂික වාර්තාව, වාර්ෂික වාර්තා පිළිබඳ ‘ඇකඩමි සම්මාන’ ලෙස පුළුල් අයුරින් සැලකෙන ලොව විශාලතම වාර්ෂික වාර්තා තරගය වන, 2023 MerComm ARC සම්මාන උළෙලේදී සම්මාන පහක් දිනාගෙන ඇත.

    බැංකුව විසින් සාම්ප‍්‍රදායික නොවන ආකෘති කාණ්ඩයේ ඒකාබද්ධ මූල්‍ය සහ ආයතනික සමාජ වගකීම් වාර්තාකරණය සඳහා රිදී සම්මානය මෙන්ම, කවරයේ නිර්මාණය සඳහා රිදී සම්මානයද දිනා ගැනීමට අමතරව, අභ්‍යන්තරයේ නිර්මාණය සහ රූප සටහන් සඳහා ලෝකඩ සම්මාන දෙකක් සහ ලිඛිත අන්තර්ගතය සඳහා ගෞරව සම්මානයක්ද හිමිකර ගත්තේය.

    ARC සම්මාන තරගය සුවිශේෂී වන්නේ, සෑම වාර්ෂික වාර්තාවක්ම තම සමාගමේ කතාව සන්නිවේදනය කිරීමේ සාර්ථකත්වය මත පදනම්ව විනිශ්චය කරනු ලැබීමයි. මෙහිදී විනිශ්චය පදනම් වන්නේ ආයතනික ලාභදායිකත්වය හෝ නිෂ්පාදනය හෝ මත නොව, ARC සම්මාන මගින් සංකේතවත් කරන ලද නිර්මාණශීලත්වය, පැහැදිලි බව, කාර්යක්‍ෂමතාවය සහ විශිෂ්ටත්වය යන වටිනාකම් මතය.

    කොමර්ෂල් බැංකුව ලැබූ මෙම සුවිශේෂී ජයග‍්‍රහණය ගැන බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ/ප‍්‍රධාන විධායක නිළධාරී සනත් මනතුංග මහතා මෙසේ තම අදහස් දැක්වූයේය. ‘කොමර්ෂල් බැංකුව සෑම විටම සම්පූර්ණ විනිවිදභාවය සහ වගවීම සඳහා කැපවී සිටින අතර, අපගේ වාර්ෂික වාර්තාව සියලූම පාර්ශ්වකරුවන් සඳහා තොරතුරු ලබා ගැනීමේ ප‍්‍රධානතම මූලාශ‍්‍රය වෙයි. සෑම වසරකම පාලනය සහ කාර්ය සාධනය පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා දීම උදෙසා, එය තවදුරටත් මනාව සකස් කිරීම සඳහා ලොව පුරා ඇති හොඳම හෙළිදරව් කිරීමේ පිළිවෙත් දෙස අපි අවධානය යොමු කරමු. ්ඍක්‍ සම්මානයන් අඛණ්ඩව මෙම ප‍්‍රයත්නවල සාර්ථකත්වය පෙන්නුම් කරන අතර, මේ සඳහා වෙහෙස මහන්සිවී වැඩ කරන කණ්ඩායමට එය උපහාරයක් වෙයි.’

    2023 ජාත්‍යන්තර ARC සම්මාන ප‍්‍රදානය කිරීමේ උත්සවය මෙම වසර අගදී නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිතය.

    ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.