කොමර්ෂල් බැංකුව Daraz හි ‘වඩාත්ම සක‍්‍රිය කාඞ්පත් පදනම’ ලෙස සම්මානයට පාත්‍ර වේ

    December, 7, 2021

    දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය වන Daraz හි ‘ගෙවීම් සහකරු කාර්ය සාධන සම්මාන 2021’ හි දී වඩාත්ම සකී‍්‍රය කාඞ්පත් පදනම සඳහා වන සම්මානය කොමර්ෂල් බැංකුවට පිරිනැමිනි.

    2020-21 මූල්‍ය වර්ෂය තුළ ක්‍රෙඩිට් සහ ඩෙබිට් යන කාඞ්පත් දෙවර්ගයෙන්ම වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සහ අනන්‍ය ගැනුම්කරුවන්ගේ සහභාගීත්වයෙන් වැඩිම ගනුදෙනු සංඛ්‍යාවක් සිදු කරමින් Daraz වෙළෙඳ වෙබ් අඩවිය සවිබල ගැන්වීම වෙනුවෙන් බැංකුවට මෙම සම්මානය හිමි විය. බැංකුව මෙවර මෙම සම්මානයෙන් පිදුම් ලැබූවේ අඛන්ඩව දෙවන වසරට ය.

    කොමර්ෂල් බැංකුව 2018 සිට Daraz හි අන්තර්ජාල ගෙවීම් සේවා සපයන්නා (IPG) වන අතර එම වසරේ පටන් ලොව විශාලතම අන්තර්ජාල අලෙවි වෙළෙඳපොල වන Daraz 11.11’ බලගැන්වීම සඳහා හවුල් වී ඇත.

    ගනුදෙනුකරුවන්ට ආකර්ෂණීය අගය එකතු කිරීම් ලබා දීමේ අරමුණින් විවිධාංගීකරණය වූ සහ අනන්‍ය දීමනා පිරිනැමීමට මෙම ආයතන දෙක එක්ව කටයුතු කරන බව කොමර්ෂල් බැංකුව පවසයි. කොමර්ෂල් බැංකු කාඞ්පත් හිමියන්ට බැංකුව විසින් ලබා දෙන දීමනා සමඟින් Daraz හි කාලානුරූප වට්ටම් ද භුක්ති විඳිය හැකි අතර මාස 60ක් දක්වා පහසු ගෙවීම් සැලසුම්වලට අනුව ගෙවීමේ පහසුව ද ලබා දෙයි.

    2012 දී දියත් කරන ලද Daraz අන්තර්ජාල වෙළෙඳ වෙබ් අඩවිය පකිස්ථානය, බංග්ලාදේශය, ශ‍්‍රී ලංකාව, මියන්මාරය සහ නේපාලය යන රටවල ක‍්‍රියාත්මකව පවතී. Daraz වෙළඳපොලෙහි පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ භාණ්ඩ, රූපලාවන්‍ය, විලාසිතා, ක‍්‍රීඩා උපකරණ සහ සිල්ලර බඩු වැනි විවිධ වර්ගවල නිෂ්පාදන මිලියන 2.5කට වැඩි ප‍්‍රමාණයක් තිබේ. මෙම වෙළෙඳ වෙබ් අඩවිය 2018 වසරේ දී අලිබබා සමූහය විසින් අත්පත් කර ගැණුනි.

    කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් මගින් වසර පුරාම පුළුල්ව විහිදුණු සේවා මාලාවක් ඇතුළත් වන ලෙස ප‍්‍රවර්ධන වැඩසටහන් සිදුකරයි. සිය Max Loyalty Rewards වැඩසටහන මගින් ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිට් කාඞ්පත් හිමියන් යන දෙපිරිසටම ප‍්‍රතිලාභ ලබාදුන් පළමු බැංකුව වන්නේ කොමර්ෂල් බැංකුවයි. මීට පෙර, සාම්ප‍්‍රදායික වශයෙන් ක්‍රෙඩිට් කාඞ්පත් සඳහා පමණක් ලබාදුන් ප‍්‍රවර්ධන වට්ටම් ඩෙබිට් කාඞ්පත් සඳහාත් ලබාදුන් පුරෝගාමී බැංකුවක් ලෙස කොමර්ෂල් බැංකුව කැපී පෙනේ.

    ශ‍්‍රී ලංකාවේ වේගයෙන්ම වර්ධනය වන කාඞ්පත් ලෙස කොමර්ෂල් බැංකුවේ කාඞ්පත් සැලකෙන අතර සමස්තයක් ලෙස ගත්විට මෙරට වෙළඳපොළ ප‍්‍රමුඛස්ථානය ගැනීමට කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ් හා ඩෙබිට් කාඞ් සමත්ව තිබේ. බැංකුව විසින් Visa සහ Mastercard මෙන්ම UnionPay සන්නාම යටතේ Classic, Gold සහ Platinum මට්ටමින් ක්‍රෙඩිට් කාඞ් නිකුත් කරන අතර ඉහළ පාරිභෝගික කාණ්ඩය සඳහා Visa Signature, World Mastercard සහ Visa Infinite මෙන්ම UnionPay Asia Prestige Diamond සහ UnionPay Asia Prestige Platinum කාඞ්පත් නිකුත් කරයි. මෙම කාඞ්පත් ‘Tap & Go’ NFC තාක්ෂණයෙන් යුක්ත වන අතර ඉතාමත් ශක්තිමත් NFC Point-of-Sale (POS) ජාලයක සහාය මේ සඳහා හිමිවේ.

    කොමර්ෂල් බැංකුව ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පිට පිටම 11 වතාවක් තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 268 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 931 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 19 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

    සේයාරු සටහන - කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන කළමනාකරු - කාඞ්පත් මධ්‍යස්ථානය, නිශාන්ත ද සිල්වා මහතා (දකුණේ සිට තෙවැනියා) සම්මානය Daraz කළමනාකාර අධ්‍යක්ෂ රඛිල් ප‍්‍රනාන්දු මහතාගෙන් (මැද) ලබා ගන්නා ආකාරය. (වමේ සිට) Daraz කනිෂ්ඨ විධායක - හවුල්කාරිත්වයන්, නිමේෂ් ප‍්‍රනාන්දු මහතාත ජ්‍යෙෂ්ඨ කළමනාකාර - පෙර ගෙවුම්ල සඳමිණ රාජපක්ෂත ප‍්‍රධානී - හවුල්කාරිත්වල දුලීක ජයමාන්න මහතාත කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාර - කාඞ් මධ්‍යස්ථාන ප‍්‍රවර්ධන සහ වෙළෙඳ සබඳතාල කාලිංග දිවාරත්න මහතා සහ වෙළෙඳුන් බදවා ගැනීම් නිලධාරී විෂාන් ප‍්‍රනාන්දු මහතා.