‘කොම්බෑන්ක් ඩිජිටල්’ ගනුදෙනුකරුවන් මිලියනයක සන්ධිස්ථානය ඉක්මවා යයි

    July, 17, 2023

    ඩිජිටල් බැංකුකරණ විප්ලවයේ පුරෝගාමියකු වන කොමර්ෂල් බැංකුව, සිය සර්ව නාලිකා ඩිජිටල් බැංකු වේදිකාව වන ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හි ලියාපදිංචි ගනුදෙනුකරුවන් සංඛ්‍යාව මිලියනයක සන්ධිස්ථානය පසු කර ඇති බව නිවේදනය කර ඇත.

    සියලූම ඔන්ලයින් සහ ජංගම බැංකු නාලිකා එකම සර්ව නාලිකා වේදිකාවක් මත ඒකාබද්ධ කරන ‘කොම්බෑන්ක් ඩිජිටල්’, ඩිජිටල් ප‍්‍රතිචාරාත්මක වෙබ් යෙදුමක් සහ ජංගම යෙදුම් තුනක් (IOS, Android සහ Huawei) හරහා ගනුදෙනුකරුවන්ට පිරිනමනු ලැබෙයි. ඩෙස්ක්ටොප් පරිගණක, ලැප්ටොප් පරිගණක, ටැබ් පරිගණක සහ ස්මාර්ට් ජංගම දුරකථන වැනි සියලූම උපාංග හරහා මෙහි ප‍්‍රවේශය සක‍්‍රීය කරයි.

    ‘අපගේ ගනුදෙනුකරුවන්ගෙන් බොහෝ දෙනෙක් ඩිජිටල් බැංකුකරණයට කිසිදු බාධාවකින් තොරව සංක‍්‍රමණය වීම අපව බෙහෙවින් දිරිමත් කරනවා,’ යැයි කොමර්ෂල් බැංකුවේ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. ප‍්‍රභාගර් මහතා පැවසීය. ‘ඩිජිටල් බැංකුකරණය සුරක්‍ෂිත, විස්තීරණ, විශ්වාසනීය සහ භාවිතයට පහසු කිරීම සඳහා බැංකුව සැලකිය යුතු ආයෝජනයක් සිදුකර තිබෙනවා. අන්තර්ජාල සහ ජංගම බැංකුකරණය පිළිබඳ හුරුපුරුදුකම තවමත් අසමාන ලෙස පවතින ශ‍්‍රී ලංකාව වැනි වෙළෙඳපොළක, තාක්‍ෂණය සහ නවෝත්පාදනයන් තුලින් ගැනුම්කරුවන්ට ප‍්‍රවේශය වැඩි කිරීමට හැකිවීම සතුටට කරුණක්’ යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ‘අපගේ පාරිභෝගික බැංකුකරණ, SME සහ ආයතනික ගනුදෙනුකරුවන් සඳහා වඩාත් බාධාවකින් තොරව සහ ඔවුන් සඳහාම සැකසූ බැංකු අත්දැකීමක් ලබා දීමේ අරමුණින්, නුදුරු අනාගතය සඳහා සැලසුම් කර ඇති යාවත්කාලීන සහ විශේෂාංග පිළිබඳ උද්යෝගිමත් මාර්ග සිතියමක් අප සතුව ඇත,’ යනුවෙන්ද ප‍්‍රභාගර් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

    කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් ලොව කොතැනක සිටියත්, ‘කොම්බෑන්ක් ඩිජිටල්’ හරහා පහසු කඩිනම් සහ ආරක්‍ෂිත බැංකු අත්දැකීමක් 24x7, දින 365 පුරාම ලබාදීමට කටයුතු කර ඇත. එහිදී ඔවුන් ඉහළ ආරක්‍ෂක ප‍්‍රමිතීන් සහිත බැංකු වේදිකාවක් වෙත ක්‍ෂණිකව ප‍්‍රවේශය ලබා ගනිමින්, සංයුක්ත ඩිජිටල් ක‍්‍රියාවලිය සඳහා ලියාපදිංචි වීමේ පහසුවද භුක්ති විඳිති.

    දැනටමත් ‘කොම්බෑන්ක් ඩිජිටල්’ සමග ලියාපදිංචි වී නොමැති  ඕනෑම කොමර්ෂල් බැංකු ගිණුම් හිමියන්ට මෙම පහසුකම සඳහා තවමත් අන්තර්ජාලය හරහා ලියාපදිංචි විය හැකි බවත්, පළමු වසර වාර්ෂික ගාස්තුව සහ සම්බන්ධවීමේ ගාස්තුවෙන් නිදහස් කිරීමක් භුක්ති විඳිය හැකි බවත් බැංකුව පවසයි. ඔවුන් කළ යුත්තේ www.combankdigital.com වෙබ් පිටුව වෙත ගොස් ‘කොම්බෑන්ක් ඩිජිටල් මත ලියාපදිංචි වන්න’ (Enrol to ComBank Digital) මත ක්ලික් කර, පහසු පියවර පහක ක‍්‍රියාවලිය අනුගමනය කිරීමයි.

    ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100‍% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු බැංකුව මෙන්ම පිට පිට 12 වතාවක් එසේ තේරී පත්වූ එකම ශ‍්‍රී ලාංකේය බැංකුව කොමර්ෂල් බැංකුව වන අතර මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.