• videos

කොරියාවෙන් හම්බන්තොටට බලශක්ති ගබඩා පද්ධතියක්

January, 31, 2023

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම්වලදී හා විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවන්හිදී අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීම පිණිස විදුලිය ගබඩා කර තබා ගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීම
කොරියානු ජනරජය සහ ශ්‍රී ලංකා රජය අතර අත්සන් තබා ඇති ප්‍රදාන ආධාර පිළිබඳ රාමුගත සම්මුතිය යටතේ හම්බන්තොට ජාල උපපොළ ආශ්‍රිතව මෙගාවොට් 05ක ධාරිතාවයකින් යුත් මෙගාවොට් පැය 8ක් වන බලශක්ති ගබඩා කිරීම් පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා කොරියානු වොන් බිලියන 14.3ක් (ඇමෙරිකානු ඩොලර් මිලියන 11.9ක් පමණ) ලබා දීමට කොරියානු රජයේ එකඟතාව පළ කර ඇත.
ඒ අනුව, එකී ව්‍යාපෘතිය ආරම්භ කොට ක්‍රියාත්මක කිරීම සඳහා වන සාකච්ඡා සටහනට අදාළ පාර්ශ්වයන් අතර අත්සන් තැබීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.