August, 4, 2026
ශ්‍රී ලංකාවේ සංචාරක, ආගන්තුක සත්කාර සහ ජීවන රටා ක්ෂේත්‍රයට නැවුම් පරිච්ඡේදයක් එක් කළ City of Dreams Sri Lanka අගෝස්තු 02 දා සිය පළවෙනි සංවත්සරය අභිමානයෙන් යුතුව සමරනු ලබයි. දකුණු ආසියාවේ පළමු ඒකාබද්ධ හෝටල් සංකීර්ණය වශයෙන් විවෘත වූ City of Dreams Sri Lanka මෙරට සංචාරක ක්ෂේත්‍රයේ සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වෙමින්, සුඛෝපභෝගී නවාතැන්, ජාත්‍යන්තර මට්ටමේ ආහාර පාන, විනෝදාස්වාදන, සාප්පු සවාරි සහ නවීන ජීවන රටා අත්දැකීම් එකට මුසු වූ අසමසම ගමනාන්ත සංකල්පයක් හඳුන්වා දුන්නේ ය. විවෘත කිරීමටත් පෙර සිටම සුවිසල් අපේක්ෂාවන් සහ අවධානයක් දිනා ගත් City of Dreams, අද වන විට විවේකය, ව්‍යාපාර සහ විනෝදාස්වාදය සඳහා කොළඹ පුරවරයේ ආකර්ෂණය ඉහළ නංවන සජීවී අත්දැකීම්වලින් සමන්විත ප්‍රමුඛතම ගමනාන්තයක් බවට පත්ව තිබේ.
ගෙවී ගිය පළමු වසර පුරාම City of Dreams Sri Lanka, දේශීය සහ විදේශීය අමුත්තන් හට ආගන්තුක සත්කාරය, විනෝදාස්වාදය, ආහාරපානයන්ගෙන් සමන්විත ඒකාබද්ධ හෝටල් සංකීර්ණයක අසමසම අත්දැකීමක් ලබා දෙමින්, මෙරට වඩාත් ආකර්ෂණීය ගමනාන්තයක් ලෙස කැපී පෙණුනි. එමෙන්ම, මහා පරිමාණ සමුළු (MICE) ජාත්‍යන්තර සම්මන්ත්‍රණ, විවාහ මංගල උත්සව, ජාත්‍යන්තර විනෝදාස්වාදන ප්‍රසංග සහ සන්ධිස්ථාන සැමරුම් සමගින්, ව්‍යාපාරික, විවේකී සහ සමාජීය අවස්ථාවන් සඳහා සජිවී ගමනාන්තයක් වශයෙන් ද කටයුතු කරයි. City of Dreams සතු ජාත්‍යන්තර සූපවේදී සහයෝගීතාවන්, සුවිශේෂී අවන්හල් අත්දැකීම් සහ නව්‍ය ආහාර සංකල්පයන් තුළින් කොළඹ නගරයේ ආහාරපාන සංස්කෘතියට නැවුම් මානයක් ද එකතු කර තිබේ. ජාත්‍යන්තර හවුල්කාරිත්වයන්ගේ සහාය ඇතිව, කලාපීය සහ ජාත්‍යන්තර සංචාරකයින් අතර විශේෂයෙන් ඉන්දියාවේ සිට පැමිණෙන අමුත්තන් කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින්, ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක පාරාදීසයක් බවට පරිවර්තනය කිරීම සඳහා City of Dreams නිරන්තරයෙන් කැප වී කටයුතු කරනු ලබයි.
සිය පළමු සංවත්සර සැමරුම පිළිබඳව අදහස් දක්වමින් Colombo Hotels, Cinnamon Hotels & Resorts හි ජ්‍යොෂ්ඨ උප සභාපති සහ Cinnamon Life at City of Dreams Sri Lanka හි සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහ මහතා මෙසේ පැවසීය. ‘‘අපගේ පළමු සංවත්සර සැමරීම යනු ශ්‍රී ලංකාවේ ජීවන රටා අත්දැකීමට නැවුම් මුහුණුවරක් හඳුන්වා දීමේ අද්වීතිය ගමන්මගෙහි සුවිශේෂී හැරවුම් ලක්ෂ්‍යයකි. ආගන්තුක සත්කාරය, ගෝලීය හවුල්කාරීත්වයන් සහ ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් එකම නිවහනක් යටතේ සපුරාලමින් මෙරට සංචාරක හා ආගන්තුක සත්කාර ක්ෂේත්‍රය ඉහළ නැංවීමට අපි කටයුතු කරන්නෙමු. අප සත්කාරකත්වය දැරූ සෑම උත්සවයක්ම, සැමරුමක්ම, ආහාර පාන සුංසයෝගයක්ම සහ මෙරටට පැමිණෙන සෑම අමුත්තෙක්ම පාහේ අපගේ ගමනාන්තය සුවිශේෂී සන්ධිස්ථානයක් බවට පරිවර්තනය කිරීමට දායක වී ඇත. ගෝලීය අමුත්තන් මෙන්ම කලාපීය සංචාරකයින්ගේ උනන්දුව සහ මංගල උත්සව සහ ප්‍රධාන සිදුවීම් සඳහා ඇති ඉල්ලුම අපගේ සත්කාරක සේවාවන්ට මනා දිරි ගැන්වීමක් සපයයි. අපගේ මෙම සන්ධිස්ථාන සැමරුම අතරතුර, City of Dreams Sri Lanka තුළින් ඉදිරි වසරවල දී අමතක නොවන සුවිශේෂී අත්දැකීම් හඳුන්වා දීමට ද අපි කැප වී සිටින්නෙමු.
මේ අතර, සංවත්සර සැමරුම සනිටුහන් කරමින් අගෝස්තු 01 දා සිට 09 දා තෙක් අමුත්තන් සහභාගී වන විශේෂිත අවන්හල්වල ආහාර පාන වර්ග සඳහා 30% ක වට්ටමක් පිරිනැමෙන අතර, අගෝස්තු 10 සිට 16 දක්වා Staten Bar & Grill, Bistro des Marées, Yoroko සහ Sapphire Dragon යන අවන්හල් තුළ විශේෂයෙන් සකස් කරන ලද set menus හඳුන්වා දීමට ද කටයුතු යොදා තිබේ. ඒ අනුව සියලුම අවන්හල් හි ප්‍රධාන සූපවේදියා විසින් තෝරා ගනු ලැබූත්, City of Dreams Sri Lanka හි පවතින විවිධාකාර සූපශාස්ත්‍රයන් ඉස්මතු කෙරෙන්නා වූත්, ප්‍රණීත සහ ආකර්ෂණීය කෑම වර්ග එහිදී ප්‍රදර්ශනය කරනු ඇත.
සංවත්සර සැමරුමේ තවත් අදියරක් වශයෙන්, ඉන්දියාවේ වඩාත් ප්‍රසිද්ධ භෝජන ගමනාන්ත ද්විත්වයක් වන Indian Accent Mumbai සහ Ekaa අවන්හල් ඒකාබද්ධ වෙමින් අගෝස්තු 07 සහ 08 දිනයන්හි සුවිශේෂී රාත්‍රී භෝජන අත්දැකීමක් ද සමීප කිරීමට සැලසුම් කර තිබේ. එම ආරාධිත සූපවේදී අත්දැකීම සඳහා එක් වන Indian Accent Mumbai හි විධායක සූපවේදී Rijul Gulati සහ Ekaa හි ප්‍රධාන සූපවේදී සහ සහකරු Niyati Rao යන දෙපළ විසින් සකස් කරනු ලබන නිර්මාංශ සහ නිර්මාංශ නොවන ආහාර පාන රස බැලීමට කදිම අවස්ථාවක් සැලසේ. උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය සහ නිර්මාණාත්මක සූපශාස්ත්‍රවේදයන් සුසංයෝග කරමින් සැකසෙන එම ආහාරපාන ඔස්සේ ඉන්දියානු ආහාර සම්ප්‍රදාය සතු අනන්‍යතාවය වඩාත් ගම්‍ය කෙරේ.
සුවිශේෂී භෝජන අත්දැකීම් සහ වටිනා පිරිනැමීම් මාලාවක් සමගින්, City of Dreams Sri Lanka හි පළමු සංවත්සර සැමරුම අගෝස්තු මාසය පුරාම පැවැත්වෙන අතර, සෑම අමුත්තෙකුටම අමතක නොවන අත්දැකීම් සමීප කිරීම සඳහා City of Dreams සතු නිරන්තර කැපවීම ද එමගින් ඉස්මතු කරනු නිසැකය.



Video Story