November, 13, 2023
කොළඹ නගරයේ ඇති වතු ඉඩහ් විශාල නිවාස සහ වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීම සඳහා ලබා දීමේ යෝජනාවක්, ජනාධිපතිවරයා මුදල් අමාත්‍යවරයා ලෙසින් සිය අයවැය කතාවේ දී අද ඉදිරිපත් කළේය.
“කොළඹ නගරයේ වතු ඉඩම්වල විශාල නිවාස සහ වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීමේ වගකීම අපි ඉදිකිරීමේ ක්ෂේත්‍රයට ලබාදෙනවා. ඒ ඉඩම් අපි නොමිලේ ඔවුන්ට ලබාදෙනවා. එහිදී ඔවුන් ඉටුකළ යුතු කොන්දේසිය වන්නේ එම වත්තේ පදිංචිව සිටින ජනතාවට නව නිවාස ලබා දීම පමණයි. එක් පවුල් එම නිවාස සංකීරණයෙන් නිවාස ඉල්ලා සිටින්නේ නම් ඔවුන්ට ඉන් නිවසක් ලබා දිය යුතුයි. එම පවුල් වෙනත් නිවාස ඉල්ලා සිටින්නේ නම් එම ඉල්ලීම ඉදිකිරීමේ සමාගම විසින් ඩටු කළ යුතුයි.“
Video Story