October, 17, 2023
Dutch Lanka Trailer Manufacturers Limited හි 100% ක පූර්ණ කොටස් හිමිකාරීත්වය යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී විසින් අද (17) දින මිල දී ගෙන තිබේ.
ලැයිස්තුගත සමාගමක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී, මේ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී ඇත.
අදාළ නිවේදනයේ සඳහන් වන පරිදි TRF Singapore Pte සමඟ මෙම කොටස් හුවමාරු ගිවිසුමට එළඹ ඇති අතර, ඒ අනුව එම සමාගමට අයත්ව තිබූ Dutch Lanka Trailer Manufacturers Limited හි සම්පූර්ණ අයිතිය, යුනයිටඩ් මෝටර්ස් ලංකා සමාගම සතු වනු ඇත.
රු. මිලියන 700කට මෙම සමාගම් අත්පත් කර ගැනීම සිදුකර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
දේශීය සහ අපනයන වෙළෙඳපොළ වෙත ට්‍රේලර් නිෂ්පාදනය කරනු ලබන සමාගමක් වන Dutch Lanka Trailer Manufacturers Limited, 1992 වසරේ දී සංස්ථාපිත කරනු ලැබූ ආයෝජන මණ්ඩල ලියාපදිංචි සමාගමකි.
Video Story