ක‍්‍රිස්බ්‍රෝ ග‍්‍රාමීය කාන්තාවන් සවිබල ගන්වමින් ශ‍්‍රී ලංකාවේ කාන්තා ශ‍්‍රම බලකාය ශක්තිමත් කරයි

    April, 12, 2021

    ශ‍්‍රී ලංකීය ශ‍්‍රම බලකායෙහි කාන්තා නියෝජනය පුරුෂයින්ට සාපේක්ෂව අඩු අගයක් ගන්නා අතර 35ක අගයකින් පැවති කාන්තා දායකත්වය කෝවිඞ් 19 වසංගතයේ බලපෑමත් සමගම තවදුරටත් අයහපත් අතට පත් විය. වර්තමාන තත්වය මෙලෙස පැවතියද මෙරට විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ ග‍්‍රාමීය කාන්තාවන් මූල්‍යමය හා සාමාජීය ලෙස සවිබල ගන්වමින් මෙරට ආර්ථිකය නැංවීම සඳහා කාන්තා ශ‍්‍රම දායකත්වය ඉහළ නැංවීම සඳහා පියවර ගෙන ඇත.

    පසුගිය වසර කිහිපය මුළුල්ලේම රැුකියා විරහිත කාන්තාවන් ආර්ථික හා සාමාජීය වශයෙන් සවිබල ගැන්වීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ සමාගම විසින් විවිධ පළාත්වල පවත්වාගෙන යනු ලබන කර්මාන්තශාලා සහ ගොවිපල ආශ‍්‍රිතව රැුකියා දහස් ගණනක් ග‍්‍රාමීය කාන්තාවන් වෙත ලබා දී ඇත. ක‍්‍රිස්බ්‍රෝ සමාගම විසින් පවත්වාගෙන යන කුකුළු ගොවිපල ආශ‍්‍රිතව රැුකියා 350ක් සහ කුඩා පරිමාණ කුකුළු ගොවිපල හිමිකරුවන් 250 දෙනෙකු ආශ‍්‍රිතව ජීවනෝපාය මාර්ග ලබා දීමට ද ක‍්‍රිස්බ්‍රෝ සමාගම පියවර ගෙන ඇති අතර මින් බහුතරය කාන්තාවන් වේ. එමෙන්ම ක‍්‍රිස්බ්‍රෝ සමූහය සමග සම්බන්ධ වීම නිසාම මෙම කාන්තාවන්ගේ ජීවන තත්වය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අධ්‍යාපන, සෞඛ්‍ය, අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මෙම ආදායම් මර්ග සැලකිය යුතු දායකත්වයක් ලබා දෙයි. මීට අමතරව ක‍්‍රිස්බ්‍රෝ සිය කාන්තා ශ‍්‍රම බලකාය සඳහා රැුකියාව ආශ‍්‍රිත නිපුණතා සංවර්ධන වැඩසටහන් ලබා දෙන අතර මූල්‍යමය ආධාර ලබා දෙමින් ග‍්‍රාමීය කාන්තාවන් ව්‍යවසායකයින් බවට පත් කිරීමට ද සිය දායකත්වය ලබා දෙයි.

    ‘‘ ශ‍්‍රී ලංකීය සමාගමක් ලෙස ග‍්‍රාමීය ප‍්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන ක‍්‍රිස්බ්‍රෝ සමාගම මෙරට ක්ෂුද්‍ර ආර්ථිකයේ කොඳුනාරටිය කාන්තාවන් බවට විශ්වාස කරනවා. අපගේ කුඩා පරිමාණ කුකුළු ගොවිපල ව්‍යාපෘතිය මගින් ග‍්‍රාමීය කාන්තාවන් සවිබල ගැන්වීම සඳහා විශාල දායකත්වයක් දක්වන අතර මෙමගින් ආර්ථිකමය වශයෙන් සිය ස්වාමිපුරුෂයා හෝ සිය පියා මත යැපුනු කාන්තාවන් විශාල පිරිසකට ආර්ථිකමය සවියක් ලබා දීමට අපට හැකි වුණා. මෙම අමතර ආදායම් මාර්ගය තුළින් තම දරුවන්ගේ අධ්‍යාපන සහ පවුලේ සෞඛ්‍ය , නිවාස, ඇතුළුව සාමාජීය අවශ්‍යතා රැුසක් සපුරා ගැනීමට ඔවුන්ට හැකිවීම තුළ ඔවුන්ගේ ජීවන තත්වයද යහපත් තත්වයකට ගෙන ඒමට ක‍්‍රිස්බ්‍රෝ සමාගමට හැකිව තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ග‍්‍රාමීය කාන්තාවගේ ශ‍්‍රමදායකත්වය උපරිම තත්වයකට ගෙන ඒම අපගේ ජාතික වගකීමක් කොට සලකන අතර ඒ සඳහා ඔවුන් සවිබල ගැන්වීම, දැනුමෙන් සන්නද්ධ කිරීම ආදී කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑමට අපි කටයුතු කර තිබෙනවා.’’ යනුවෙන් ක‍්‍රිස්බ්‍රෝ සමූහ ව්‍යාපාරයේ සමූහ මානව සම්පත් සහ පරිපාලන කළමනාකාර රංජන මහින්දසිරි මහතා පැවසීය.

    ක‍්‍රිස්බ්‍රෝ තම කාන්තා ශ‍්‍රම බලකාය සඳහාම වෙන්වූ විශේෂිත සෞඛ්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක කරන අතර වැඩිදුර ප‍්‍රතිකාර අවශ්‍ය සේවිකාවන් ද්විතියික ප‍්‍රතිකාර සඳහා යොමු කෙරේ. ක‍්‍රිස්බ්‍රෝ සේවක සුබසාධන වැඩසටහන තුළින් සේවකයින්ගේ ජීවිතවල විශේෂ අවස්ථාවන් වලදී මූල්‍යමය ආධාර ලබා දීමට සමාගම පියවර ගෙන ඇත. විශේෂයෙන්ම විවාහයකදී හෝ දරු උපතකදී එම ආධාරයන් ලබා දෙයි. මීට අමතරව සේවිකාවන්ට ප‍්‍රසූත නිවාඩු කාලය දීර්ඝ කිරීම, ප‍්‍රසූත නිවාඩු කල්වේලා ඇතිව ලබා ගැනීමට පහසුකම් ලබා දීම, මෙන්ම ගර්භණී සමයෙහි මෘදු රාජකාරි සඳහා යොමු කිරීම වැනි පහසුකම් සේවිකාවන් වෙනුවෙන් ලබාදෙයි. මීට අමතරව ක‍්‍රිස්බ්‍රෝ සේවිකාවන් වෙත අමතර ආදායමක් ඉපැයීම සඳහා වාර්ෂිකව සමාගම විසින් උපන්දින සුභපැතුම් පත් 1200ක් ඒවා නිෂ්පාදනය කරන ක‍්‍රිස්බ්‍රෝ සේවිකාවන්ගෙන් මිලදී ගනී.

    ශ‍්‍රී ලංකාවේ ග‍්‍රාමීය ආර්ථිය ඉහළ නැංවීම සඳහා ක‍්‍රිස්බ්‍රෝ විසින් ක‍්‍රියාත්මක කරන දිරිසවිය ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ විශේෂයෙන් මධ්‍යම, උතුරුමැද, ඌව, සහ නැගෙනහිර පළාතේ බඩඉරි`ගු වගා කරන ගොවියන් සහ කුඩා පරිමාණයේ කුකුළු ගොවිපල හිමියන්ගේ ආර්ථිකය නැංවීම සඳහා ඔවුන්ගේ නිෂ්පාදන මිලදී ගැනීමට ක‍්‍රිස්බ්‍රෝ කටයුතු කරයි. කුකුළු ගොවිපල ක්ෂේත‍්‍රයේ වඩාත්ම නූතන තාක්ෂණය භාවිතාකරන සමාගම ලෙසට එම තාක්ෂණික හැකියාවන් තුළින් කුඩා පරිමාණ කුකුළු ගොවිපළ හිමියන්ට සහ ක‍්‍රිස්බ්‍රෝ සමග සම්බන්ධ වී සිටින ගොවිජනතාවට ඉහළම ප‍්‍රතිලාභය ලබා දීමට ඔවුන් නිරතුරුවම කටයුතු කර ඇත. කුඩා පරිමාණ කුකුළු ගොවිපල හිිමියන් සඳහා කුකුළු ආහාර, කුකුළු පැටවුන් ලබා දෙන අතර දින 45කට පසු එම අස්වැන්න සාධාරණ වෙළෙඳපොළ මිල ගණන් යටතේ මිලදී ගැනීමට ද සමාගම කටයුතු කරයි. ග‍්‍රාමීය ආර්ථිකය සවිබල ගැන්වීම සඳහා ප‍්‍රමුඛතම සාධකයන් වන මූල්‍ය සුරක්ෂිතබව සහ ස්වාධින බව තහවුරු කිරීමට මෙම වැඩපිළිවෙල හරහා ඔවුන්ට හැකිව තිබේ. වර්තමානය වන විට විවිධ පළාත්වල 1200ක පමණ ගොවි ප‍්‍රජාවක් ක‍්‍රිස්බ්‍රෝ සමග කටයුතු කරමින් සිටී.

    වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එකේ කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් පූර්ණ රේඛීය නිෂ්පාදන ක‍්‍රියාවලියකට අනුව (ඩැරඑසජ්කකහ-සබඑැටර්එැා* තම නිෂ්පාදන කටයුතු සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^vertically-integrated& යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.