ගාස්තු වැඩිවීම ගැන දුරකතන සමාගම්වලින් ඒකාබද්ධ නිවේදනයක්

    January, 2, 2024

    VAT බද්ද 15% සිට 18% දක්වා වැඩිකර ඇති බැවින් 2024 ජනවාරි 01 දින සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම විදුලි සංදේශ සේවා හා Pay TV සේවාවන් හී අදාළ බදු ඉහළ දැමීමට සිදුව ඇති බව, මෙරට ක්‍රියාත්මක සියලු විදුලි සංදේශ සේවා සමාගම්, ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටී.

    එයාර්ටෙල්, ඩයලොග්, හච්, ලංකාබෙල් සහ SLTමොබිටෙල් යන සමාගම් ඒකාබද්ධව මෙම නිවේදනය නිකුත් කර ඇත.