ජනවාරියේ ආ සංචාරකයෝ ඩොලර් මිලියන 341 ක් රැගෙන එති

    February, 12, 2024

    2024 ජනවාරි මාසය තුළ දී විදෙස් සංචාරකයින් 208,253 ක් මෙරටට පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මීට පෙර නිවේදනය කරන ලදී.

    මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2024 ජනවාරි මාසය තුළ සංචාරක ඉපැයීම ඩොලර් මිලියන 341.8 ක් බවයි. එය 2023 වසරේ ජනවාරි මාසයේ සංචාරක ඉපැයීම් වූ ඩොලර් මිලියන 153.5 හා සැසඳීමේ දී 122.7% ක් වර්ධනයක් බව මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

    2023 වසරේ සමස්ත සංචාරක ඉපැයීම් ඩොලර් මිලියන 2,068.0 ක් වන අතර එය 2022 වසරේ සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 1,136.3ට වඩා 82% ක වැඩවීමක් වේ.