February, 1, 2024
2024 ජනවාරි මාසයේ 30 වන දා වන විට විදෙස් සංචාරකයින් 201,683ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී යි.
එහි දී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ 2023 වසර හා සැසදීමේ දී මෙය 106% ක වර්ධනයක් බවයි.
"අද 106% ක සංචාරක වර්ධනයක් තියනවා. අද සංචාරක කර්මාන්තය දිහා බැලුවොත් 2023 102,000 සංචාරකයො. 201,683ක් 30 වෙනිදා වෙනකොට ඇවිල්ලා තියනවා. මම හිතනව අද 31 දවසෙත් තව 7,000ක් විතර එකතු උනාම 208,000 පනින්න, සියයට සීයකින් වර්ධනයක් ගිය අවුරුද්දටත් වඩා මේ ජනවාරිය තුළ ලැබිලා තියනවා."
Video Story