ජනශක්ති IPO කොටස් බෙදෙන්නේ මෙහෙමයි

    April, 22, 2026

    මෑත කාලයේ දී දියත් කෙරුණු විශාලතම මූලික මහජන කොටස් නිකුතුව වන ජනශක්ති ලිමිටඩ් හි කොටස් නිකුතුවේ දී නිකුත් කිරීමට නියමිත මිලියන 500ක කොටස් ප්‍රමාණය විභජනය වන ආකාරය සමාගම විසින් අද (22) දින දැනුම් දෙනු ලැබීය.

    සංස්ථා ප්‍රකාශයෙ හි සඳහන් පරිදි කොටස් මිලියන 75ක් සිල්ලර (Retail) ආයෝජකයින් වෙනුවෙන් ද කොටස් මිලියන 325ක් සිල්ලර නොවන ආයෝජකයින් වෙනුවෙන් ද විභජනය කිරීමට නියමිතය. මේ අතර ඒකක භාර ආයෝජකයින් සහ ජනශක්ති සමූහයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් වෙනුවෙන් කොටස් මිලියන 50 බැගින් බෙදෙනු ඇත.

    ඒ අනුව සිල්ලර ආයෝජක කාණ්ඩය යටතේ කොටස් 4,000ක් දක්වා ඉල්ලුම් කළ ආයෝජකයින් හට එම සම්පූර්ණ කොටස් ප්‍රමාණය ද, කොටස් 4,000ක් ඉක්මවා කළ ඉල්ලුම් කිරීම්වල දී එම ප්‍රමාණයෙන් 17.45625%ක් බැගින් හිමිවනු ඇත.

    මේ පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහතින් දැක්වේ.

     

    Video Story

    Stock Market

    Exchange Rates