February, 6, 2024
ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල්වල සූර්ය බලශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මඟින් විදුලි පහසුකම් සපයාගැනීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය හරහා ජපන් යෙන් මිලියන 1,230ක ව්‍යාපෘති ආධාරයක් (රු. බිලියන 2.8ක් පමණ) ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කර ඇත.
සෞඛ්‍ය ක්ෂේත්රයේ පුනර්ජනනීය නොවන බලශක්ති භාවිතය අවම කිරීම, සෞඛ්‍ය සේවා අංශයේ සමස්ත කාර්යක්ෂමතාව ඉහළ නැංවීම හා තිරසර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම මෙම ව්‍යාපෘතියෙහි අරමුණු වේ.
ඒ අනුව, එකී ව්‍යාපෘථිය ක්‍රියාත්මක කිරීමට අදාළව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාථ්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
Video Story