October, 16, 2023
මෙරට ප්‍රමුඛ පෙළේ බලයලත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගමක් වන Robocash Sri Lanka ආයතනය ජාත්‍යන්තර වෙරළ පිරිසිදු කිරීමේ දිනය නිමිත්තෙන් "Robocash EcoSplash: Beach Cleanup and Beyond" තේමාකරගත් වැඩසටහනක් දෙහිවල වෙරළ තිරයේදී පැවැත්විය. පාරිසරික, සමාජීය සහ ආයතනික පාලන මූලධර්මයන්ට (ESG) සමගාමීව ආයතනයේ පාරිසරික තිරසාරත්වය, ප්‍රජා සහභාගීත්වය මූලික කරගත් ආයතනික වගකීම ඉස්මතු කිරීම මෙහි මූලික අරමුණ විය.
ESG යනු වගකිවයුතු ආයෝජන සඳහා මාර්ගෝපදේශ රාමුවක් ලෙස ලොවපුරා සැලකිය යුතු ප්‍රමුඛත්වයක් ලබාගත් ක්‍රමයකි. එය සමාගමක පාරිසරික බලපෑම, සමාජ වගකීම සහ පාලන භාවිතයන් සැලකිල්ලට ගන්නා අතර ඒවා තිරසාරභාවය සහ සමාජ යහපැවැත්ම යන පුළුල් ඉලක්ක සමඟ පෙළගස්වයි. Robocash Sri Lanka යනු එලෙස ESG අගයන්හි තීරණාත්මක වැදගත්කම හඳුනාගෙන ඒවා සිය මෙහෙයුම් සහ මුලපිරීම්වලට ඒකාබද්ධ කිරීමට කැපව සිටින ආයතනයකි.
මෙම "Robocash EcoSplash: Beach Cleanup and Beyond" වැඩසටහන එම ආයතනය නියෝජනය කරමින් පැමිණි කණ්ඩායම් කිහිපයක සහයෝගී ප්‍රයත්නයක් වූ අතර, Robocash Sri Lanka හි සේවකයින් ඔවුන්ගේ දේශීය පරිසරයට සහ ධනාත්මක බලපෑමක් ඇති කිරීමට දක්වන කැපවීම මෙහිදී ප්‍රදර්ශනය කෙරුණි.
Robocash Sri Lanka හි දේශීය කළමනාකරු කොන්ස්ටන්ටීන් බෙරෙෆ්ට්සන් මහතා මෙම අවස්ථාවට එක්වෙමින් කණ්ඩායම අමතමින් කියා සිටියේ, “පාරිසරික තිරසාරත්වය සහ ප්‍රජා සහභාගීත්වය සඳහා අපගේ මැදිහත්වීම සාමාන්‍ය ව්‍යාපාරයෙන් ඔබ්බට යන බව ඔබ දන්නවා. වගකිවයුතු ආයතනික පුරවැසියෙකු වීම යනු සමාජයට සහ පරිසරයට ප්‍රයෝජනවත් වන මුලපිරීම් සඳහා ක්‍රියාකාරීව සහභාගී වීම බවයි අපි විශ්වාස කරන්නේ. මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ශ්‍රී ලංකාව සඳහා පිරිසිදු, හරිත හා වඩා තිරසාර අනාගතයක් සඳහා දායක වීමට අප අදහස් කරන බොහෝ ක්‍රමවලින් එකක් පමණයි."
වෙරළ පිරිසිදු කිරීමේ ක්‍රියාකාරකම් රැගත් මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සියලුම බලපත්‍ර සහ අවසර, ආයතනය විසින් සහතිකකර තිබූ අතර, සහභාගිවූවන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා ප්‍රමුඛත්වය දෙමින් රජයේ සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩි ලෙස පිළිපැදීම මෙම වැඩසටහන පුරාවටම සිදුවිය.

Video Story