ජාතික ඔලිම්පික් කමිටුව විසින් ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ නිල උපායමාර්ගික හවුල්කරුවා ලෙස Crysbro ප්‍රකාශයට පත් කරයි

    September, 28, 2021

    ශ්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව (NOCSL) විසින් මෑතකදී සිය ක්‍රීඩා සංවර්ධනය සඳහා වූ උපාය මාර්ගික හවුල්කරුවා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම කුකුළු මස් නිෂ්පාදකයා වන Crysbro සමාගම ප්‍රකාශයට පත්කරන ලදි.

    කීර්තිමත් ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් වලදී ජයග්‍රහණයන් ලබාගැනීමට තරුණ ක්‍රීඩකයින් සවිබල ගැන්වීම සඳහා Crysbro ආයතනය ඉටුකරන පුරෝගාමී මෙහෙවර අගයමින් මෙම එකඟතාවයට පැමිණ ඇත.

    “ඇත්තෙන්ම ක්‍රීඩාව සඳහා වූ උපාය මාර්ගික හවුල්කරුවා වශයෙන් ඔවුන්ව පත් කර ගැනීමට අප යොමුවුණේ Crysbro විසින් ජාතික ඔලිම්පික් කමිටුව සමඟ ආරම්භ කරන ලද NOCSL Crysbro Next Champ ශිෂ්‍යත්ව වැඩසටහන තුළින් තරුණ ක්‍රීඩකයින්ට ලබා දෙන සැලකිය යුතු සහයෝගය සහ ක්‍රීඩා අවකාශය තුළ ඔවුන්ගේ මෙහෙයුම් පුළුල් කිරීම සඳහා වූ අඛණ්ඩ කැපවීම  නිසයි. එළඹෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හා ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සවිබල ගැන්වීමේ සහ සාර්ථකත්වයේ පොදු අරමුණක් වෙනුවෙන් කැපවීම ගැන Crysbro කළමනාකාරිත්වයට නිහතමානීව ස්තූති කිරීමට කැමතියි. ” යනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවසීය.

    Crysbro Next Champ’ වැඩසටහන මේ දක්වා සාර්ථකව ක්‍රීඩකයන්ට සහයෝගය දැක්වීමට මාවතක් සකසා ඇති අතර, ශ්‍රී ලංකාවේ සිටින දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 150 කට අධික සංඛ්‍යාවක් ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය දක්වා ඔසවා තැබීය.

    “අපගේ NOCSL Crysbro Next Champ ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ස්ථාවර හා ජාත්‍යන්තර මට්ටමේ සහයෝගයක් ලබා දීමෙන්, ඉදිරියට එන ජාත්‍යන්තර ක්‍රීඩා ඉසව් වලදී අපි ඔවුනගෙන් විශිෂ්ඨ දස්කම් දැකීමට බලාපොරොත්තු වෙනවා. උපායමාර්ගික හවුල්කරුවෙකු වීමට ජාතික ඔලිම්පික් කමිටුව විසින් ලබා දුන් අවස්ථාව ගැන අපි ස්තූතිවන්ත වන අතර එමඟින් තරුණ ක්‍රීඩකයින්ට තවදුරටත් ශක්තියක් වීමට සහ ඔවුන්ව දිරිමත් කිරීමට අපට මූලිකව කටයුතු කරන්න පුලුවන්.” යනුවෙන් Crysbro ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු අමෝරෙස් සෙලර් මහතා සඳහන් කළේය.

    NOCSL Crysbro Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනෙන් තෝරාගන්නා ලද දේශීය හා ජාත්‍යන්තර යන දෙඅංශයෙන්ම ජයග්‍රහණ හිමිකරගත් තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනෙකුට සහයෝගය දැක්වීම සඳහා NOCSL Crysbro Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනේ දිගුවක් වු ‘Next Olympic Hope’ වැඩසටහන ආරම්භ කළේය.

    ‘Next Olympic Hope’ වැඩසටහන තුළින් රට තුළ සහ ඉන් පිටත වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට www.nextolympichope.com හරහා මෙම තරුණ හා නැගී එන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ආධාර කිරීම සඳහා සුදුසු පරිත්‍යාග ලබාදිය හැකිය.

    Crysbro Next Champ රටේ සෑම අස්සක් මුල්ලක් නෑරම තරුණ ක්‍රීඩා කුසලතා හඳුනාගෙන ඔවුන්ට මූල්‍යමය අනුග්‍රහය දැක්වීම පමණක් නොව, නිසි පුහුණුව සහ සුදුසු ආහාර වේලක් වැනි අංශයන් පිළිබඳ ප්‍රවීණයන්ගේ මඟ පෙන්වීම ඇතිව විවිධ ක්‍රීඩා හැකියාවන්ගෙන් පොහොසත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා පූර්ණ දායකත්වයක් ලබාදෙයි. රටේ ග්‍රාමීය ආර්ථිකයේ ප්‍රධාන කුළුණක් ලෙස ක්‍රහිඉරද, සැලකිය යුතු සමාජ දායකත්වයක් ලබාදෙන අතරම එමඟින් ක්‍රීඩා අවස්ථා ඇති කරමින් ශාරීරිකව හා මානසිකව ක්‍රියාශීලීව සිටීමේ වැදගත්කම පිළිබඳ පණිවිඩය ජනතාව අතරට ගෙන ගියේය.