සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට සහන සැලසීමේ අරමුණින් ජාතික ණය සුරැකුම් ආයතනය ස්ථාපිත කිරීම සඳහා 2021-04-27 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. මේ වන විට එම ආයතනය පොදු සීමිත සමාගමක් වශයෙන් ලියාපදිංචි කර ඇති අතර, එහි මූලික ප්‍රාග්ධනය වශයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් ආසියානු සංවර්ධන බැංකුව වෙතින් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටී.
ඒ අනුව, ජාතික ණය සුරැකුම් ආයතනයේ මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම පිණිස මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.