ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් සමාගම, ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ නව වෙනසකට පුරෝගාමී වේ

    September, 5, 2023

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ නිශ්චල දේපළ සංවර්ධකයෙකු වන ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් (JKP) විසින් සියලු අවශ්‍යතා සපුරාලීමට මෙන්ම සුවිශේෂී ජීවන අත්දැකීමක් ලබා දීමට, නවමු ක්‍රමවේද යොදා ගනිමින් ක්ෂේත්‍රය තුළ නව සංකල්ප නිර්මාණය කරනු ලබයි. කොළඹ කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත විශාලතම සමාගමක් වන වෙළඳපොළහි ජෝන් කීල්ස් හෝල්ඩීන්ස් පීඑල්සී විසින් සිය විවිධත්වයෙන් පිරි සේවා එකතුව සම්බන්ධයෙන් කීර්තියක් අත්කර ගෙන ඇති අතර, දේපළ සංවර්ධන ව්‍යාපාර සඳහා ඉහළ විශ්වසනීයත්වයක් දරනු ලබයි.‍

    නිවාස සංකීර්ණ සංවර්ධනයේ ප්‍රමුඛයෙකු ලෙස, JKP විසින් ශ්‍රී ලංකාවේ නාගරික නේවාසික පරිසරය ගොඩනැඟීමේ මූලිකත්වය ගෙන කටයුතු කර ඇත. The Emperor, The Monarch, 7th Sense, OnThree20, TRI-ZEN මෙන්ම, වර්ග අඩි මිලියන 4.5ක වපසරියක පිහිටි සුවිශේෂී බහුඋපයෝගීතා  ව්‍යාපෘතියක් වන Cinnamon Life යනු JKP හි විශිෂ්ඨත්වය සහ නවොත්පාදනය පිළිබඳ හොඳම උදාහරණ සපයන්නන්ය. නිවාස ව්‍යාපෘති හැරණු කොට, සමාගම විසින් නමක් දිනූ දේපළවල මෙහෙයුම් කටයුතු සිදු කරනු ලබන අතර, Crescat Boulevard සාප්පු සංකීර්ණය, මොරටුව සහ ජා - ඇල පිහිටි K-Zone සාප්පු සංකීර්ණය සහ “ලොව සුන්දරතම ගෝල්ෆ් ක්‍රීඩාංගන සියය අතරින් එකක්” ලෙස කීර්තිය දිනූ සුවිශේෂී බිම් කාණ්ඩයන් සහ සුඛෝපභෝගී නිවාඩු නිකේතන පිහිටා ඇති  දිගන, මහනුවර Victoria Golf Resort සඳහන් කළ හැකිය.‍

    JKP සුවිශේෂි වනුයේ හරවත් නව්‍යකරණය වෙනුවෙන් කැපවී සිටින බැවින්ය. සුඛෝපභෝගී ජීවන රටාවේ නව වෙනසක් ඇති කරමින්, The Emperor සහ The Monarch වැනි ව්‍යාපෘතිවලදී “පරිපූර්ණ ජීවන රටාව” යන සංකල්පය මූලික විය. කොළඹ සුවිශේෂී පිහිටුමක් වන ග්‍රේගරි පාරේ 7th Sense යනු, සුවිශේෂී සුඛෝපභෝගී ජීවිතයට අර්ථයක් එක් කරමින් හඳුන්වා දෙන ලද නේවාසික සංකීර්ණයකි. ස්මාර්ට් තාක්‍ෂණය යොදා ගනිමින් සුවිශේෂි ලෙස නිර්මාණය කරන ලද TRI-ZEN ව්‍යාපෘතිය, අති නවීන තාක්‍ෂණය යොදා ගනිමින් කටයුතු කිරීමට සමාගම සතු ශක්‍යතාව සඳහා නිදසුන් සපයනු ලබයි.

    ශ්‍රී ලංකාවේ විශාලතම පෞද්ගලික ආයෝජනය වන Cinnamon Life, JKP හි සුවිශේෂී ජයග්‍රහණයකි. මෙම අංගසම්පූර්ණ බහුඋපයෝගීතා  ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළ ව්‍යාපෘති අතරින් ප්‍රමුඛ තැනක පවතින්නා සේම එමඟින් කොළඹ නගරයට වෙනසක්ද එක් කරනු ඇත. “නව ලෝකයක් නිර්මාණය කිරීම” නම් වූ එහි සන්නාමයට අනුගත වෙමින්, JKP විසින් ඉදිකිරීම් සඳහා පමණක් සීමා නොවී, දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් සිදු කිරීමට අපේක්ෂා කරයි. සෑම ව්‍යාපෘතියක්ම සියලු අවශ්‍යතා සපුරාලන ලෙසින් සහ ජීවිතයේ උපරිමය විදින්නට පහසු වන අන්දමින් නිර්මාණය කොට ඇත.

    ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි විකුණුම් සහ අලෙවි ප්‍රධානී සහ ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි උප සභාපති නදීම් ෂම්ස් විසින් පවසන ලද්දේ, “ළැදියාව, අභිප්‍රේරණය, නවෝත්පාදනය, සහ විශ්වාසනීයත්වය යන අපගේ හර වටිනාකම් අනුව කටයුතු කිරීම පිළිබඳ අපි ඉමහත් සාඩම්බරයට පත් වන්නෙමු. මෙම හරයන් අප එකට බැඳ තබාගනිමින්, අපගේ සේවාලාභීන්ට හොඳම සේවයක් ලබා දීමට ශක්තියක් සපයන්නා වූ ආධාරකයන්ය.” යනුවෙනි.

    JKP හි සාර්ථකත්වය රැඳී පවතිනුයේ එහි සුවිශේෂී කණ්ඩායම මතයි. විශිෂ්ට නිර්මාණශීලිත්වය ඇති වනුයේ සීමා රහිත ස්ථිර විශ්වාසය තුළින් යන්න සමාගම දැඩි ලෙස විශ්වාස කරනු ලබන අතර, ඊට නිදසුන් කණ්ඩායම කටයුතු කරනා ආකාරයෙන් දිස් වේ. සමාගම පරිපූර්ණත්වයේ සහ විශිෂ්ඨත්ව‌යේ පරමාදර්ශයක් බවට පත්කරමින් ළැදියාව, අභිප්‍රේරණය, නවෝත්පාදනය සහ විශ්වාසනීයත්වය යන හර වටිනාකම් සමාගමේ ශක්තිමත් පදනම වෙනුවෙන් දායකත්වයක් සපයනු ලබයි.

    අවසාන වශයෙන්, ජෝන් කීල්ස් ප්‍රොපර්ටීස් හි අලෙවි ප්‍රධානී වන ෂෆීකා ගුණසේකර පවසන ලද්දේ, “අපි ඉදිකිරීම් කටයුතුවලට පමණක් සීමා නොවන්නෙමු. ජීවිතයේ සුවපහසුව වෙනුවෙන් අපි කැපවී සිටින්නෙමු. JKP විසින් සෑම ව්‍යාපෘතියක් මඟින්ම සිතැඟි පරිසරයක් ගොඩනඟනු ලබන දේපළ වෙළදාම් සඳහා අර්ථයක් එක් කිරීමට මෙන්ම, අමතක නොවන අත්දැකීම්වලින් පිරි ජීවන රටාවක් ගෙත්තම් කරන්නට සැම විටම උත්සහ දරයි.” යනුවෙනි.

    JKP, ශ්‍රී ලංකාවේ දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු ලෙස කටයුතු කරන බැවින්, සිතැඟි පරිසරයක් ගොඩනැඟීමට මෙන්ම සුවිශේෂී ජීවන අත්දැකීම් එක් කිරීම නම් වූ ස්ථිර දැක්මක් එය සතුව පවතී. එබැවින් දේපළ වෙළදාම් ක්ෂේත්‍රයේ විප්ලවීය වෙනසක් කිරීමට මෙන්ම, ගනුදෙනුකරුවන්ගේ සිතේ පවතින අභිලාෂ මුදුන්පත් කිරීමට සමාගම විසින් කටයුතු කරන බැවින් ඉදිරිය වඩාත් ධනාත්මක වනු ඇත.

     

    ශීර්ෂ පාඨය - ජොන් කීල්ස් ප්‍රොපර්ටීස් : නව අවස්ථාවන් ශක්තිමත් පදනමක් තුළින් බිහි වේ.