ටෝකියෝ ඔලිම්පික් සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම ආසන්නයේ සිටින රිද්මයානුකූල ජිම්නාස්ටික් ක‍්‍රීඩිකා මිල්කා ද සිල්වා වෙත ක‍්‍රිස්බ්‍රෝ සුභපැතුම්

    May, 18, 2021

    ශ‍්‍රී ලංකාවේ විශාලතම කුකුළු මස් නිෂ්පාදන සමාගම වන ක‍්‍රිස්බ්‍රෝ සමූහය, ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කිරීමට ආසන්නයේ සිටින මිල්කා ද සිල්වා ක‍්‍රීඩිකාවට උණුසුම් සුභාශිංෂණ එක් කර සිටී. ඔලිම්පික් පරිසාධන මට්ටම අභිබවා ඇති හෙයින් අන්තර්ජාතික ජිම්නාස්ටික් සමුළුව විසින් ඇයගේ ඔලිම්පික් සහභාගීත්ව තව නොබෝ දිනකින් තහවුරු කරනු ඇත. මේ අනුව රිද්මයානුකූල ජිම්නාස්ටික් ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ප‍්‍රථම ශ‍්‍රී ලාංකික ජිම්නාස්ටික් ක‍්‍රීඩිකාව බවට මිල්කා ද සිල්වා පත් වනු ඇත. 18 වියෙහි පසුවන මිල්කා දැනටමත් ජාත්‍යන්තර ජයග‍්‍රහන රැසක් අත් කර ගැනීමට සමත් වීම නිසා මෙරට අංකුර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඔලිම්පික් තලයට රැගෙන යන Crysbro NOCSL Next Champ වැඩසටහනේ ශිෂ්‍යත්වලාභිනියක බවට පත් ව සිටින්නීය.

    පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයෙන් සහ කොළඹ මෙතොදිස්ත විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරු මිල්කා හිටපු ජිම්නාස්ටික් ජාතික ශූරියක වන රංජනා තරංගා මහත්මිය යටතේ මුලික පුහුණුව හදාරන ලදි. කුඩා අවධියේ සිට ප‍්‍රකට කළ ජාත්‍යන්තර ජයල‍්‍රහන හා දස්කම් හේතුවෙන් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විසින් ලබා දෙන ඔලිම්පික් සහයෝගීතා ශිෂ්‍යත්ව වැඩසටහන ඔස්සේ ශිෂ්‍යත්වයක් හිමිකර ගනිමින් 2019 වසරේ දී ජපානයට ගිය මිල්කාසිය වැඩිදුර පුහුණුවීම් කටයුතු ජපානයේ සිට සිදු කරනු ලබන්නීය.

    මිල්කා වයස අව්රුදු 8 දී ශ‍්‍රී ලංකාවේ කණිෂ්ඨ ජාතික ශූරතාව දිනා ගන්නා අතර 2011 සිට 2014 දක්වා අඛණ්ව එම කිරුළ දිනා ගැනීමට ඇය සමත් වූවාය. 2016 වසරේදී පොදුරාජ්‍ය මණ්ඩලීය කණිෂ්ඨ ජිම්නාස්ටික් තරගාවලියට සහභාගී වන ඇය එහිදී 6 වන ස්ථානය දිනා ගත් අතර 2017 සහ 2018 දී ජාතික ජිම්නාස්ටික් ශූරතාව සහ 2018 වසරේදී ඉන්දුනිසියාවේ පැවති ආසියානු ජිම්නාස්ටික් තරගාවලියේදී ආසියාවේ පළමු 8 දෙනා අතරට පත්වීමට ඇයට අවස්ථාව ලැබිණ. එමෙන්ම රිද්මයානුකූල ජිමිනාස්ටික් ඉසව්ව නියෝජනය කරමින් ආසියානු තරගාවලියකට සහභාගී පළමු ශ‍්‍රී ලාංකීය ක‍්‍රීඩිකාව බවට පත් වීමට මිල්කා ද සිල්වාට හැකි වූවාය. එමෙන්ම 2018 වසරේ පැවති යොවුන් ඔලිම්පික් තරගාවලිය සඳහා මෙම ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ඇය තම පුද්ගලික දක්ෂතාව වැඩි දියුණු කර ගනු ලැබීය.

    මිල්කා ද සිල්වා ක‍්‍රීඩිකාවගේ මෙම ජයග‍්‍රහනයන් පිළිබඳව අදහස් දක්වන ක‍්‍රිස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අමෝරිස් සෙලර් මහතා ‘‘ මිල්කා ද සිල්වා ඔලිම්පික් පරිසාධන මට්ටම අභිබවාලීම පිළිබඳව අප මහත් සේ සතුටට පත් වන අතර සුසන්තිකා ජයසිංහ ක‍්‍රීඩිකාවගෙන් අනතුරුව 20 වසරක් පුරා අපට නොලැබුණු ඔලිම්පික් පදක්කම් සිහිනය වෙත මිල්කා අපව රැුගෙන යනු ඇති බව මගේ අපේක්ෂාවයි. ඇයගේ දක්ෂතාවන් පිළිබඳව උද්දාමයට පත්ව සිටි බැවින් ශ‍්‍රී ලංකාවේ අංකුර ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඔලිම්පික් මට්ටම දක්වා රැුගෙන යන Crysbro NOCSL Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනට ඇයව ඇතුලත් කර ගැනීමට අපට හැකි වූ අතර එහි පළමු ප‍්‍රතිඵලය ඇය දැනටමත් පෙන්වා දී තිබෙනවා. ශිෂ්‍යත්ව වැඩසටහන තුළින් ක‍්‍රිඩක ක‍්‍රීඩිකාවන්ගේ ක‍්‍රීඩා දිවියේ අරමුණු, ඒ සඳහා භාවිතා කරන උපායමාර්ග, සහ සියලූ ඔහු හෝ ඇයගේ පූර්ණ සංවර්ධනය සඳහා අවශ්‍ය සහාය ලබා දෙනවා. මේ සඳහා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මානසිකව හා ශාරීරිකව සංවර්ධන කිරීම සඳහා අවශ්‍ය සහාය මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ හිමිවන අතර ඒ සඳහා වන පිරිවැයමෙම වැඩසටහන මගින් ප‍්‍රතිපූර්ණය කෙරෙනවා’’ යනුවෙන් පැවසීය.

    මෙම වැඩසටහනේ දෙවැනි අදියර තුළ ජාතික මට්ටමේ දක්ෂතා ඇති පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 130 දෙනෙකු ජාත්‍යන්තර මට්ටමට ගෙන යෑම තෙක් රැගෙන යෑමට අවශ්‍ය පුහුණුව, පෝෂණය, ඖෂධ, ගමනාගමන වියදම්, නවාතැන් සදහා අනුග‍්‍රාහකත්වය ලබා දෙයි. 'Next Champ' වැඩසටහනේ මුල් අදියර තුළින් දිවයින පුරා විසිර සිටින ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ඇගයිම සහ හඳුන්වාදීමට අමතරව ඔවුන් වෙත නව පුහුණු උපක‍්‍රම හා පෝෂණ උපදෙස් ලබා දීම ද සිදු කෙරිණ. ක‍්‍රිස්බ්‍රෝ සමාජ සත්කාර ව්‍යාපෘතින් සියල්ලම ග‍්‍රාමීය සමාජ ආර්ථික තත්වය වර්ධනය කිරීමේ අරමුණෙන් ක‍්‍රියාත්මක වන අතර 'Next Champ' වැඩසටහන මගින් ග‍්‍රාමීය දරුදැරියන්ගේ ක‍්‍රීඩා කුසලතා ඔප් නංවා ඔවුන් ජාතික සහ ජාත්‍යන්තර තලය වෙත ගෙන යෑමට කටයුතු කරමින් සිටී.

    ශ‍්‍රී ලංකාවේ ක‍්‍රීඩා කටයුතු පිළිබඳ ප‍්‍රමුඛතම සංගමය ලෙස කටයුතු කරන ශ‍්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව ජාත්‍යන්තර තරග සම්බන්ධීකරණයේදී මෙරට බලයලත් නියාමන ආයතනය ලෙස කටයුතු කරයි. එමෙන්ම මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් ජාත්‍යන්තර තලය වෙත ඔසවා තැබීම සඳහා අවශ්‍ය කාර්යසාධන මට්ටම් වෙත ඔවුන් රැුගෙන යෑම ද ශ‍්‍රී ලංකාවේ ජාතික ඔලිම්පික් කමිටුව විසින් සිදු කරනු ලබයි.

    වෙළෙඳපොල ප‍්‍රමුඛයා වීමේ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව වර්ෂ 1972 දී කුකුළු පැටවුන් 100 කින් ඉතා කුඩාවට ඇරඹු ක‍්‍රිස්බ්‍රෝ ආයතනය අද වන විට තත්ත්වයෙන් සහ ගුණාත්මක බවින් යුත් අංක එක කුකුල් මස් නිෂ්පාදකයා වීමට හැකිවී තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට අතිනවීන යන්ත‍්‍ර සුත‍්‍ර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම පරිඝනකගතව ^vertically-integrated&  තම නිෂ්පාදන ක‍්‍රියාවලිය සිදුකරනු ලබයි. එසේම කුකුළු පරම්පරාවන් අශ‍්‍රිතව ගොවිපළ පවත්වාගෙන යාම, අභිජනන මධ්‍යස්ථාන, බ්‍රොයිලර් ගොවිපළ, සහ කුකුළු ආහාර සැකසුම් මධ්‍යස්ථාන ද පවත්වාගෙන යමින් මනා කළමනාකාරිත්වයෙන් යුතුව තම ව්‍යාපාරයන්හී නිරත වන ආයතනයක් ලෙස ක‍්‍රිස්බ්‍රෝ හැඳින්විය හැක. විශේෂයෙන් ගොවිපලෙන් කෑම මේසයට ^FARM TO FORK&  යන සංකල්පය ක‍්‍රිස්බ්‍රෝ හී සාර්ථකත්වයට හේතු වූ තවත් ප‍්‍රධාන කරුණක් ලෙස සැලකිය හැක. ක‍්‍රිස්බ්‍රෝ සමාගම මේ වනවිට සමස්ත ශ‍්‍රී ලාංකිකයන්ටම ප‍්‍රතිලාභ රැසක් උදා කර දී ඇත. එහි කොටස් හිමියන්ට, දේශීය බඩ ඉරිඟු ගොවීන්ට, සෘජුව සහ වක‍්‍රාකාරව රැකියා සපයමින් ශ‍්‍රී ලාංකික රැකියා ක්ෂේත‍්‍රයට,අවසාන වශයෙන් සමස්ත රටටම මෙහි ප‍්‍රතිලාභ උදා කර දී ඇත.

    සේයා රූ සටහන - ක‍්‍රිස්බ්‍රෝ හි ජ්‍යෙෂ්ඨ කළමනාකාර අමෝරිස් සෙලර්, ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ප‍්‍රධාන ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සහ එහි සභාපති සුරේෂ් සුබ‍්‍රමනියම් යන මහත්වරුන් විසින් Crysbro NOCSL Next Champ ශිෂ්‍යත්ව වැඩසටහනේ අවබෝධතා ගිවිසුමට අත්සන් තබමින්.