ඩයලොග් සමඟ මනුසත් දෙරණ, කොවිඩ් වසංගතයට එරෙහි වූ මානුෂීය ක්‍රියාන්විතය

    September, 17, 2021

    සැප දුක යනු අපගේ ජීවිතය සමඟ නිරන්තව බැඳී පවතින්නකි. ශක්තිමත්ව සිටිනා අප අසරණ තත්ත්වයට පත්කරමින් පැමිණෙන අනේක වූ පීඩාවන් අපට අත්කර දෙන්නේ දුෂ්කරතා පමණක්ම නොවේ. එයින් අපට අප ‍වෙසෙන සමාජය සම්බන්ධයෙන් ද ලබාදෙන්නේ පුළුල් වූ අත්දැකීමකි. තවද එයින් අපට නැවත ශක්තිමත් ආරම්භයක් සඳහා ලබාදෙන උත්තේජනය වගේම පන්නරය අතිමහත් ය.

    ශ්‍රී ලාංකීය ජනතාව පීඩාවට පත්වූ සෑම අවස්ථාවකම ඔවුන් වෙනුවෙන් පෙරට එමින්, ඔවුන් හට නිරන්තව සහාය වෙමින්, ශක්තිය සැපයීමට ඉදිපත් වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, ටීවී දෙරණ, සමඟ එක්ව ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ ක්‍රියාන්විතය’ ආරම්භ කරනු ලැබුවේ එවන් වූ ව්‍යසනකාරී අවස්ථා හමුවේ ක්‍ෂණිකව ජනතා සේවයට යොමුවීමේ අවකාශය නිර්මාණය කරමිනි.

    මෙම සුවිශේෂී ‘ඩයලොග් සමඟ මනුසත් දෙරණ ක්‍රියාන්විතය’ තෙවන අදියර කොවිඩ් 19 වසංගත තතත්වය හේතුවෙන් මතුවිය හැකි අහිතකර බලපෑම් පිටුදැකිම වෙනුවෙන් ක්‍රියාත්මක වෙමින් ජාතික වැඩපිළිවෙලට සහාය වීම අරමුණු කර ගනිමින් මසකට අධික කාලයක් ක්‍රියාත්මක විය. මේ යටතේ දිවයින පුරා පිහිටි රෝහල්වල කාර්යමණ්ඩලයට සිය දෛනික කාර්යයන් බාධාවකින් තොරව පවත්වාගෙන යමින් රෝගීන්ට වඩාත් ගුණාත්මක සේවාවක් ලබාදීම සඳහා අත්‍යවශ්‍ය උපකරණ සහ පහසුකම් සැපයීම ප්‍රමුඛ කාර්යය බවට පත්කරගනු ලැබීය. මේ යටතේ දිවයින පුරා රෝහල් 34 කට අධික ප්‍රමාණයක් වෙත උපකරණ සහ ආධාර ලබාදීමට සමත් වීම සුවිශේෂී කරුණකි.

    දිවයිනේ රෝහල් කේන්ද්‍ර කර කරගනිමින් දියත් කරනු ලැබූ මෙම ක්‍රියාන්විතයට සමගාමීව මෙම තෙවන මෙහෙයුම දියත් කළ කාල සීමාව තුළ දිවයින පුරා සංචරණ සීමාවන් පැනවූ ප්‍රදේශවල ජිවිත්වන ජනතාව වෙත සහන සැළසීමේ අරමුණින්, ඔවුන් වෙත අත්‍යවශ්‍ය අධාර සහ වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීමේ වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට යොමු විය. මෙම මෙහෙයුම් කාර්යය දියත් කරනු ලැබූ දින 34ක කාලය තුළ 44,500කට අධික පිරිසක් වෙත වියළි සහනාධාර පාර්සල් බෙදාදීමට ඩයලොග් සහ මනුසත් දෙරණ ආයතන සමත් විය.‍

    කොවිඩ් 19 පළමු හා දෙවන රැල්ලේදී සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍යාරක්‍ෂාව හා යහපැවැත්ම වෙනුවෙන් ඩයලොග් ආයතනය මෙවැනිම වු සමාජ ප්‍රජා සත්කාරක වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීම යොමුවිය. මෙහිදී දෙවන අදියර යටතේ දිස්ත්‍රික්ක 10 ක පීඩාවට පත් 46,000 ක පිරිසකට සහන සැලසීමට හැකිවිය. සති 6 ක් පුරා ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන පළමු අදියර යටතේ දිස්ත්‍රික්ක 22 කට අයත් ගම්මාන 400 කට අධික සංඛ්‍යාවක පීඩාවට පත් 128,000 ක පිරිසකට අත්‍යවශ්‍ය වියළි ආහාර මළු බෙදාදීමට යොමු විය.

    මෙයට සමගාමීව ඩයලොග් ආයතනය විසින් විවිධ වූ සමාජ සත්කාර්යයන් රැසක් දියත් කිරීමට යොමු වූ අතර, වගකීම්සහගත ආයතනයක් ලෙස රට තුළ කොවිඩ් වෛරසය ව්‍යාප්තවීමට පටන්ගත් මුල් අවධියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තෝරාගත් රෝහල් සඳහා කඩිනමින් අවශ්‍ය දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රු.ලක්ෂ 2000ක් ලබාදීමට ඩයලොග් ආයතනය එකඟතාවය පළ කරන ලදී. එම එකඟතාවය යටතේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහල සහ හෝමාගම මූලික රෝහල සඳහා අංග සම්පූර්ණ ඇඳන් 10 කින් සමන්විත පූර්ණ ක්‍රියාකාරිත්වයෙන් යුත් දැඩි සත්කාර ඒකක ස්ථාපිත කරදීමට ලබා දීමට යෙමු විය. 

    දිනෙන් දින අපේක්‍ෂාවන් බිඳී හුදෙකලා බවට පත්වන ජන ජීවිතයට නව අපේක්‍ෂාවක් වගේම ශක්තියත් කැඳවීමට සමත් වූ ඩයලොග් ආයතනය, කොවිඩ් 19 වසංගත ත්ත්තවය හේතුවෙන් පීඩාවට පත් ලාංකීය ජනතාව සමඟ නිරන්තරව සිටිමින් ඔවුනගේ අවශ්‍යතාවයන් සපුරාලීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක වීමට යොමුවීම ප්‍රශංසනීය වූ කාර්යයකි.