ඩයලොග් සහ එරික්සන් පොදු ව්‍යාපාර ක්ලවුඩ් පදනමක් සඳහා සහයෝගිතාවක

    October, 28, 2015

    යෝජිත පොදු ව්‍යාපාර ක්ලවුඩ් පදනම (Managed Enterprise Cloud) නිසා මෙරට සමාගම් හා ආයතනවලට පුළුල් පරාසයක පැතිරුණු ව්‍යාපාරික යෙදුම් (Business applications) භාවිතා කිරීමේ අවස්ථාව ලබාදීමට ඩයලොග් සමාගමට හැකියාව ලැබේ.
    • මෙම පොදු ව්‍යාපාර ක්ලවුඩ් පදනම නිසා සේවා සම්පාදක සමාගම්වලට වඩාත් පහසුවෙන් හා නම්‍යශීලී ලෙස සේවාවන් බෙදාහදාගැනීමේ හැකියාව හිමි වේ.
    • මේ ඔස්සේ තනි ඒකාබද්ධ පදනමක් යටතේ තම සේවය ලබන සමාගම් හා ආයතන වෙත වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස සේවාවන් ලබාදීමට ඩයලොග් සමාගමට හැකිවනු ඇත.

    දකුණු ආසියානු කලාපය තුළ පොදු ව්‍යාපාර ක්ලවුඩ් පදනමක් (Managed Enterprise Cloud) යටතේ සේවා ලබාගැනීමේ හැකියාව ස්ථාපිත කිරීම උදෙසා එරික්සන් සමාගම සහ ඩයලොග් සමාගම අත්වැල් බැඳගෙන සිටී.

    මෙවැනි පොදු ව්‍යාපාර ක්ලවුඞ් පදනම් නිසා සේවා සම්පාදක ආයතනවලට පුළුල් පරාසයක පැතිරුණු, විවිධ සමාගම්වලට අයත් ව්‍යාපාරික මෘදුකාංග සේවා වඩාත් නම්‍යශීලී හා විධිමත් ලෙස තම සන්නාමය යටතේ ලබාදීමේ අවස්ථාව හිමි වේ. මෙම වැඩපිළිවෙළ යටතේ ඩයලොග් සමාගම සතු දත්ත මධ්‍යස්ථානයක අදාළ පොදු ව්‍යාපාර ක්ලවුඞ් පදනම් රාමුව ස්ථාපිත කිරීමට එරික්සන් සමාගම පියවර ගනු ඇති අතර එරික්සන් ගෝලීය සේවා මධ්‍යස්ථානවල (Ericsson Global Service Centers) සිට දුරස්ථව ඒවා පාලනය කෙරෙනු ඇත. සේවා සම්පාදක සමාගමේ පාරිභෝගිකයන්ට සුරක්ෂිත වෙබ් ද්වාරයක් හරහා පොදු ව්‍යාපාරික සේවාවන්ට පිවිසීමේ අවස්ථාව හිමි වේ.

    මෙම වැඩපිළිවෙළ යටතේ එරික්සන් සමග අත්වැල් බැඳගන්නා පළමු සමාගම ඩයලොග් සමාගම වන අතර ඒ ඔස්සේ මෙරට ව්‍යාපාර සඳහා අවශ්‍ය විසඳුම් සැපයීම මෙතුළින් සිදුවනු ඇත. මේ ඔස්සේ මෙරට සමාගම් හා ආයතනවලට ඩයලොග් සේවාව හරහා පුළුල් පරාසයක පැතිරුණු සේවාවන් ලබාගැනීමේ අවස්ථාව හිමි වේ. මෙහි මුල් අදියරේදී ඔවුන්ට ඊමේල් සේවාවක්, අන්තර්ජාල සේවාවක්, අන්තර්ගත කළමනාකරණ වැඩසටහන් රාමුවක් (Content management framework), පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණ පද්ධතියක් සහ අන්තර්ගත කළමනාකරණ වේදිකාවක් (Content management platform) යන සියල්ල ඒකාබද්ධ සහ පහසුවෙන් භාවිතා කළ හැකි අතුරු මුහුණතක් තුළ ලබාගත හැකිවනු ඇත. මේ ඔස්සේ ඒකාබද්ධ පදනමක් යටතේ තම සේවය ලබන සමාගම් හා ආයතන වෙත වඩාත් විධිමත් හා කාර්යක්ෂම ලෙස සේවාවන් ලබාදීමට ඩයලොග් සමාගමට හැකියාව ලැබේ.

    ”එරික්සන් යනු ආසිආටා සහ ඩයලොග් යන සමාගම්වල ක‍්‍රමෝපායික ව්‍යාපාර සහකරුවෙකු ලෙස හඳුන්වන්නට පුළුවන්. මෙය ශ‍්‍රී ලංකාවේ ක්ලවුඩ් තාක්ෂණය සහ ව්‍යාපාරික සේවා වෙළඳපොළ තවදුරටත් පුළුල් කිරීම සඳහා තැබූ තවත් නිර්මාණශීලී පියවරක්. එමෙන්ම මෙය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයේ දියුණුව සමග ආර්ථිකයේ වර්ධනයට උරදීමක් ලෙස පෙන්වාදිය හැකියි.” ඩයලොග් සමාගමේ සමූහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි අස්වාන් කාන් මහතා පැවසී ය.

    ”මේ නව වැඩපිළිවෙළ නිසා ඩයලොග් සමාගමේ ආයතනික පාරිභෝගිකයන් සංඛ්‍යාව පැහැදිලි ලෙස ඉහළ යාවි. එමෙන්ම තම පාරිභෝගිකයන්ට අතිරේක ව්‍යාපාරික වටිනාකම් තිළිණ කිරීමට ඩයලොග් දරන උත්සාහයට මෙය මනා පිටිවහලක් වනවා. මේ සඳහා ඩයලොග් සමග අත්වැල් බැඳගනීමට ලැබීම අපට විශාල සතුටක්.” එරික්සන් ශ‍්‍රී ලංකා සමාගමේ ප‍්‍රධානී ඩෙනිස් බෲනෙටි මහතා පැවසී ය.

    සන්නිවේදන සමාගම්වලට පාරිභෝගිකයන් වෙත ක්ලවුඩ් සේවාවන් පිරිනැමීමේ හැකියාව ලබාදීමට එරික්සන් සමාගම ගන්නා උත්සාහයට මෙම පොදු ව්‍යාපාර ක්ලවුඩ් පදනම ඉතා හොඳ උදාහරණයකි. මෙවැනි ක‍්‍රමවේද සඳහා සෙසු උදාහරණ ලෙස ආයතනික ජංගමතා කළමනාකරණය (Enterprise Mobility Management), ක්ලවුඞ් තාක්ෂණය පදනම් කරගත් (Platform as a service) සේවාව සහ අතථ්‍ය ව්‍යාපාරික ද්වාරය(Virtual Enterprise Gateway) ආදිය දැක්විය හැකි වේ.

    ලොව විශාලතම සහ සාර්ථකම සන්නිවේදන සමාගම් සමග අත්වැල් බැඳගනිමින් එම සමාගම්වල උන්නතිය වෙනුවෙන් දායක වීමට එරික්සන් සෑමවිටම කටයුතු කරයි. තොරතුරු තාක්ෂණය යනු එබඳු සමාගම්වල ප‍්‍රගතිය උදෙසා බෙහෙවින් උපකාරී වන සාධකයකි. තොරතුරු තාක්ෂණය නිසා හිමිකාරීත්වයේ සමස්ත වියදම් අඩු වීම, වෙළඳපොළට සේවා ඉදිරිපත් කිරීමේ කාලය අවම වීම, කාර්යක්ෂමතාව ඉහළ යාම වැනි ප‍්‍රතිලාභ රැසක් අත් වේ.

    මෙරට ප‍්‍රධානතම දුරකථන ජාලය ලෙස ඩයලොග් සමාගම මෙරට මධ්‍ය හා සුළු පරිමාණ ව්‍යාපාර සඳහා කථා සහ දත්ත සබඳතා, ජාත්‍යන්තර සහ ඩිජිටල් තාක්ෂණික සේවා ආදී පුළුල් පරාසයක පැතිරුණු ව්‍යාපාර විසඳුම් ලබාදෙන අතර ඩිජිටල් යටිතල (Infrastructure as a service), ඩිජිටල් යෙදවුම් සේවා (Platform as a service) සහ මෘදුකාංග සේවා (Software as a service) ආදිය ද මෙරට ව්‍යාපාර වෙත සැපයීමට කටයුතු කරයි. එමෙන්ම සිය දත්ත මධ්‍යස්ථාන 3 න් සෘක්‍ සේවාවන් ද ඩයලොග් ලබාදෙන සේවා අතර ප‍්‍රමුඛය.

    ඡායාරූපය (වමේ සිට) - එරික්සන් ශ‍්‍රී ලංකා සමාගමේ ප‍්‍රධානී ඩෙනිස් බෲනෙටි මහතා ඩයලොග් සමාගමේ සමූහ ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරි අස්වාන් කාන් මහතා සමඟ